මැතිවරණ කොමිසම විසින් මෙම දැනුම් දිම කරන්නට යෙදුනේ නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් ශ්‍රෙෂ්ඨාධිකරණ හමුවේ ගොනුකර තිබුණ පෙත්සම හේතුවෙනි.
පසුගිය දිනවල පැවැති මෙම නඩු විභාගයේදි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා දිර්ඝ කරුණු දැක්විම නිරතවෙමින් මැතිවරණයක් දැනට යෝජනා වි ඇති පරිදි ජුනි 20 වනදා මැතිවරණයක් පැවැත්විමට නොහැක්කේ මන්දැයි කියා විග්රහකොට තිබුණි.
මැතිවරණ කොමිසම විසින් කරන්නට යෙදුන දැනුම් දීමෙන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කර තිබූ නීතිඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා කියා සිටියේ තම සේවාදායකයා ඉල්ලා සිටින සහනය මේ වන විටත් හිමි වී ඇති නිසා එම පෙත්සම ඉදිරියට පවත්වාගෙන නොයන බව යැයි අද දෙරණ වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.
මුලාශ්‍රය – අද දෙරණ