ජුපිටර්ස් ක්‍රිඩා සමාජය ලංසාලගේ ග්‍රහණයෙන් මුදවා ගැනේ ! අද සිට අළුත් නායකත්වයක්

0
58

Committee Members1ජුපිටර්ස් පාපන්දු ක්‍රිඩා සමාජය යනු ලංකාවෙ අංක එකේ පාපන්දු කණ්ඩායමකි. එයට තිබුනේ ස්වර්ණමය ඉතිහාසයකි.
ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රිඩකයන් කිහිපදෙනෙකුම එදා නියෝජනය කලේද ජුපිටර්ස් ක්‍රිඩා සමාජයයි.
එහෙත් පසුගිය කාලය තුල ඇමති නිමල් ලංසා මෙන්ම පසුව දයාන් ලංසාද ජුපිටර්ස් ක්‍රිඩා සමාජයෙ සභාපතිවරුන් විමත් සමගින් එය මුළුමනින්ම අභාවයට ගොස් තිබුණි.
එහෙත් අද එයට නව පණක් දෙමින් පැරණි ජේෂ්ඨ ක්‍රිඩකයකයන් වත්මන් තරුණ ක්‍රිඩකයන්ද එක්ව නව නිලමඩුල්ලක් මීගමුවේ කඩොල් කැලේ  කියුපිඩ් ගාර්ඩන් හි පැවැති වාර්ෂික මහසභා රැස්විමේදි පත්කරගන්නට යෙදුණි.
මෙහි සභාපතිත්වය සදහා බර්නාර්ඩ් සිල්වා මහතා පත්කරගන්නට යෙදුණ අතර සමලේකම්වරුන් ලෙසින් ඇන්ඩෲ සිල්වා සහ ෂරින් ආලිෆ් යන මහත්තුරුන් පත්කරගන්නා ලදි.
ජුපිටර්ස් ක්‍රිඩා සමාජයේ භාණ්ඩාගාරිකධුරය සදහා තජිඩින් මහතා පත්කරගන්නා ලදි.
මේ අවස්ථාව සදහා 1950 ගණන්වලදි ක්‍රිඩා කළ ජේෂ්ඨ ක්‍රිඩකයන් පිරිසක්ද පැමිණ සිටි අතර ලංකාවේ ප්‍රකට කාටුන් ශිල්පියෙකු වන කැමිලස් පෙරේරා මහතාද ඒ අතර විය.