ජුවෙල් ලංකා සල්ලි අරන් රට පැන්න ඇපල් රුවන් ගැන පොලිසිය බොරු කියයි?

0
37

ජුවෙල් ලංකා මංකොල්ලයේ සල්ලි අරන් රට පැන්නා යැයි කියන්  ඇපල් රුවන්  ඉන්න රටේ අන්තිම මිටර් 100 ක වට ප්‍රමාණය දන්වා යැයි කි මීගමුව පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ මහතා පවසා දැන් සති 3 නකුත් ගෙවි ගොස් හමාරය.එහෙත් ඔහුව ඇල්ලිමට කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් මේ වනතුරුත් ගෙන ඇති බවක් වාර්ථා නොවේ.
එමෙන්ම පුෂ්පා ජුවෙලර්ස් කොල්ලකරුවන් සති දෙකක් ඇතුලත අල්ලනවා යැයි කි මීගමුව පොලිස් අධිකාරි වරයා ඇතුළු නිළධාරින්ට අවම තරමින් කොල්ලයේ මහමොලකරු යැයි පොලිස් අධිකාරිවරයා විසින් ප්‍රසිද්ධියේ කියා සිටි රතු කමිස කාරයාගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත ලබාදෙන්නට තරම් වත් උන්නදුවක් තිබි නැත.
ඒ ඡායාරූපය පවා අද ඇතැම් මාධ්‍යවේදින් වෙත ලබාදි තිබුනේ ඔවුන් විසින් මේ  ගැන ප්‍රශ්ණ කිරිමෙන් අනතුරුවය.
මීගමුව පත්ව ඇති අනාරක්ෂිත තත්වයට අදාලව මහජනයාගේ සහ ව්‍යාපාරික ප්‍රජාවගේ විශ්වාසය දිනාගැනිමට නම් මහජනයා බොරුවට චූන් කරවන ජනප්‍රිය ප්‍රකාශවලට එහා යමින් ඇත්ත ක්‍රියාත්මක කළයුතුව තිබේ.jayantha