කදිර්ගාමර් මහතාගේ දියණිය අජිතා කදිර්ගාමර් මහත්මිය ‘සිලෝන ටුඩේ’ පුවත්පත හා ප්රකාශ කර ඇත්තේ පියාගේ ඝාතනය හා බැඳුණු තවමත් නොවිසඳුණු ගැටලු රාශියක් ඇති බැවින් තම පවුලේ උදවිය දස වසරකට පෙර සිදුවූ මේ සිද්ධිය පිළිබඳ නැවත පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට සැලසුම් කර ඇති බවයි.
මේ අයුරින් දැන් ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය ගැන අළුතින් සංවාදයට බදුන් වන්නට පටන්ගෙන ඇත.
ගම්පහ දිස්ත්රික්කයේ කිර්තිමත් දේශපාලනඥයෙකු වු ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේ මහතාගේ සෑබෑ ඝාතකයන් කව්රුන්දැයි යන ප්රශ්ණය පාර්ලිමේන්තු මන්ත්රිනි සුදර්ශණි ප්රනාන්දුපුල්ලේ විසින් ගෙන එයිද ?
එසේ නොවන්නේ නම් එම ඝාතනය සිදුකරන ලද්දේ L.T.T.E විසින් යැයි සුදර්ශණි මැතිණිය විශ්වාස කරනවාද ?
ජෙයරාජ්ට සෑබෑ ලෙසම ආදරය කළ අයවලුන් මේ ඝාතනය පිළිබද සංවාදය ඉදිරියට ගෙන ආ යුතුව තිබේ….