ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ සමරා නිවාස පරිත්‍යාගයක්

0
348



ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ ක්‍රියාකාරි දේශපාලනඥයෙකු හා නීතිඥවරයෙකුවූ අමාත්‍ය  ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ  මහතා මියගොස් වසර 05 සැමරීම අප්‍රේල් 05 වනදා ට යෙදී තිබිණි.
ඒ වෙනුවෙන් කටාන ප්‍රදේශයේදී  විවිධ පරිත්‍යාග සහ දන්දීමේ වැඩසටහන් පවත්වන ලදී.
නිවාස 05ක් පරිත්‍යාග කිරීමේ සද්කාර්යයක් විශේෂඥ වෛද්‍ය ,  පා.මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදුකර ඇති අතර,
මහරගම පිළිකා රෝහලට ලේ දන්දීමේ වැඩසටහනක් අක්කර පනහා එන්ජල් පාර්ක් ජල ව්‍යාපෘතියේ ප්‍රජා මූල සංවිධානය විසින් සිදුකරන ලදී.

ඡායා – බර්ටි වීරසිංහ