ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ථ ක්‍රිඩාංගනය අයිති ලංසා පවුලටද?

0
41

tenis 2ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ථ ක්‍රිඩාංගනය ඉදිකෙරෙන්නේ නිමල් ලංසා මිගමුව නගරාධිපතිව සිටින සමයේදි මහනගර සභා අරමුදල් වලිනි.එහෙත් එය වැඩ නිමවු පසු කිසිවිටකත් නගර සභා පාලනය වෙත පැවරුනේ නැත.ඒ වෙනුවට එය පැවරෙන්නේ ලංසා පවුලේ හිතවතුන් වෙතය.එතැන් පටන් එහි සියළුම ආදායම් ලබන්නේ ඔවුන් විසිනි.මිගමුව මහනගරසභාවේ පරිපාලන අධිකාරිය කිසිවිටකත් මේ මහජන දේපල ලංසා පවුල් අධිකාරියෙන් ගලවා බදුගෙවන ජනය‍ා හට පවරා දෙන්නට කටයුතු කළේ නැත.දැන් ඒ ගැන සිහිකැදවිමක් කර තිබුන පසුබිමක ඉන් කිපුණු ලංසා පවුලේ අය කටයුතු කරමින් සිටිනවා යැයි කියන්නේ තමන්ගේ පවුලට අයත් දේපලක් යළිත් මිගමුවෙි බදුගෙවන ජනයා බලහත්කාරයෙන් උදුරාගන්නටයනවා යැයි සිතාය.මීගමුව තවමත් පාලනය වන්නේ යහපාලනයෙන් නොවේ යැයි අප කියන්නේ එබැවිනි.