ජේනරේටරයක් සහ බස් එකක් ගන්න රු කෝටි 2 ක් මීගමුවේ පාසලක දරුවන්ගෙන් එකතු කිරිමේ මෙහෙයුමක්! !

0
160

St.joseph(1.30 pm ) මිගමුවේ එක්තරා කතෝලික පාසැලක් ජෙනරේටරයක් සහ බස් එකක් ගැනිමට සදහා රුපියල් කෝටි 200 ක් සෙවිමට මෙහෙයුමක් අරභා තිබේ.
ඒ සිය පාසැලේ දරුවන්ට ලවා ටිකට් විකුණා ලබන අදායම් වලිනි.
එක් දරුවෙක් සදහා රු 2000 හේ ටිකට් 5 කි. එනම් රු 10000 කි.
මේ පාසැලේ දරුවන් 2300 ක් සිටින බව එහි දෙමව්පියෝම පවසති. ඔවුන් ට අනුව පාසැලට ජෙනරේටරයක් සහ බස් එකක් ගැනිමට මේ මුදල එකතු කරන බව පාසැල් බලධාරින් දැනුම් දි ඇතැයි කියැවේ .
මේ අනුව අදාල දැ මිලට ගැනිම සදහා රුපියල් කෝටි 2 ක  ඉක්මවු මුදලක් මේ පාසැලේ දරුවන්ගෙන්ම සොයා ගැනිමට සැරසෙන සෙයකි.
මේ ගැන බහුතරයක් පාසැලේ දෙමව්පියන් හට ඇත්තේ දැවෙන අපහසුවකි. එහෙත් ඒ ගැන කාටවත් කිමට හෝ පැමිණිලි කිරිමට හෝ නොහැකිව ඇත්තේ ඒවා පෙරළා තමන්ගේ දරුවන්ට බලපාන බැවිනි.
මේ පාසැලට මේ ඉඩම ලැබෙන්නේ ද මිගමුවේ දුප්පත් ධිවර දරුවන් වෙනුවෙන් කාර්මික පාසැලක් ගොඩනැගිමට වෙන්කර තැබු ඉඩමෙනි.
ඒ අනුව මිගමුවේ දුප්පත් ධිවර දරුවන්ට කාර්මික විද්‍යාලයක්ද මේ නිසා අහිමිව ගියේය.
එසේ නම් මේ පාසැලේදි මිගමුවේ ධිවර දරුවන්ට යම් ප්‍රමුඛතාවයක් ලැබිය යුතුව තිබේ. එහෙත් එදත් අදත් හෙටත් ඇත්තේ එකම එක ප්‍රමුඛතාවයකි.,ඒ මුදල්ය. මිගමුවේ බහුතරක් කතෝලික පුද්ගලික පාසැල් වලට නම් සල්ලි දෙවියන්ගේ මල්ලි නොවේ ලොකුම ලොකු අයියාවේ.
මේ පාසැල නම් කර ඇත්තේ මේ නත්තල් සමයේ අප සිහිකරනු ලබන ජේසුතුමාගේ පියා වු දුප්පත් වඩුවෙකු වු ජුසේ තුමාගේ නමිනි.
එහෙත් දුප්පතුන්ට දැන් මෙහි ඉඩ නැත. ලක්ෂ 5 ක් පමණ වැය කළ  ඇති හැකි අයට පමණක් මේ පාසැල්වල දොරවල් ඇරෙනු ඇත.
පසුගිය කාලේ මේ පාසැලෙන් මාරුවි වෙනත් පාසැලකට යන විදුහල්පති පියතුමාට සුපිරි මෝටර් රථයක් ලබාදිම සදහා සෑම පංතියකම ළමුන් ගෙන් විශාල මුදලක් එකතු කොට තිබුණි.ු
පසුව අප විසින් කරන්නට යෙදුන හෙළිදරව්වක් මත අදාල පියතුමා විසින්ම එවන් තෑග්ගක් තමාට අවැසි නැති බව කියා තිබුනේ හොද නම ගැනිමට දුප්පත් දරුවන්ද පෙළා සල්ලි එකතු කරන්නට ගිය ඇතැම් ගුරුවරුන්ට හොද කණේ පාරක්ද එල්ලකරමිනි.
මේ පුවතින් කලබල වු කාර්දිනල්තුමා පසුව නිවේදනයක් මගින් කියා තිබුනේ මෙසේ මාරු වි යන කිසිදු පියතුමෙකුට එවැනි තෑගි බෝගදිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළ යුතු බවය.
මුදල් ඇවැසිය. එහෙත් එය දරුවන් දෙමව්පියන් තලාපෙලා නොවන හමබ්කරගන්නා මාර්ග වලින් නොවිය යුතුය.
ඒ ගැන වගක් නැති ඇතැමුන් ගේ හැසිරිම් නිසා කිදහසක් නම් දෙමව්පියන් මේ නත්තලේදිද හැඩු කදුලින් සිටිනවා විය හැකිද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here