ජේයරාජ්ව ඝාතනය කළේ කව්ද ?

0
415

sudarshani(1.00 pm ) ජේයාරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගෙ දරුවන් ට පියා අහිමි කළ දේශපාලනය හා යළිත් සුහද ගණුදෙනු ඇරඹිමට එම මැතිණියට සිදුව තිබිම අප දේශපාලනික වශයෙන් තේරුම් ගන්නේ කෙසේද?
මෛත්‍රි පාලනයක් යටතේ ඇමතිකම් දරන්නට එකගකාවක් තිබුණ ඇය ක්ෂණයකින් සිය ඇමතිධුර අතරින්නට තින්දු කර තිබුනේ යහපාලන ප්‍රතිපත්ති එහෙම පිටින්ම පාවා දෙමිනි.
අද මුළු මහත් ලාංකිය දේශපාලනය තුලද ඒ  ගැන උනන්දුවෙන් සිටින අයට ජේයරාජ් ඝාතනය පිළිබදව ඇත්තේ ඒ සදහා රාජක්ෂ පවුලේ සබදතාවක් ඇති බව යන අදහසයි.Banuka-
කෙසේ වෙතත් දැන් වටයක් ගොසින් නැවැත මුල්ම තැනටම පැමිණ ඇතිවාක් මෙන් බානුකලාට පියා අහිමි කළ දේශපාලනය දිනවිම සදහා විවිකාර මැදිහත්කරවිම් කරන්නට දැන්  බානුකලාටම සිදුව ඇත.
මෙය සැබැවින්ම දෛවයේ සරදමක් වැනිය .
.මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම පිළිබඳ සිදුවන පරීක්ෂණයේදී හෙළි වී ඇති තොරතුරුවලට අනුව යුද හමුදා බුද්ධි අංශ විසින් ව්‍යාජ එල්ටීටීඊ සංවිධානයක් පවත්වාගෙන යමින් යම් යම් දේශපාලන ඝාතන සිදුකරන ලදැයි අනාවරණය වීමත් එවැනි ඝාතන සඳහා එවකට බලයේ සිටි දේශපාලනඥයන් ඇතුළු බලවත් පිරිස් අනුබල හා උපදෙස් ලබාදුන් බව හෙළිවීමත් මත හිටපු කීර්තිමත් විදේශ කටයුතු අමාත්‍යවරයකු වූ ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාගේ මරණය පිළිබඳ නැවත විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව ඔහුගේ දියණිය අජිතා කදිර්ගාමර් මහත්මිය ඇතුළු පවුලේ අය පවසන බව මව්බිම පුවත් පත් 2015 අගෝස්තු 31 වනදා පළ කර තිබුණි.
කදිර්ගාමර් මහතාගේ දියණිය අජිතා කදිර්ගාමර් මහත්මිය ‘සිලෝන ටුඩේ’ පුවත්පත හා ප්‍රකාශ කර ඇත්තේ පියාගේ ඝාතනය හා බැඳුණු තවමත් නොවිසඳුණු ගැටලු රාශියක් ඇති බැවින් තම පවුලේ උදවිය දස වසරකට පෙර සිදුවූ මේ සිද්ධිය පිළිබඳ නැවත පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට සැලසුම් කර ඇති බවයි.
මේ අයුරින්   ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය ගැන අළුතින් සංවාදයට බදුන් වන්නට එදා එය හේතුවක් විය..
ගම්පහ දිස්ත්‍රික්කයේ කිර්තිමත් දේශපාලනඥයෙකු වු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ සෑබෑ ඝාතකයන් කව්රුන්දැයි යන ප්‍රශ්ණය  සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරිය විසින් ගෙන එයිද යන්න පසුගිය කාලය තුල දේශපාලන කවයන් අතර පැවැති සංවාදයක් විය
ගම්පහ දිස්ත්‍රික්කයේ රාජපක්ෂ අණසක පතුරුවා ගැනිම වෙනුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි යන්නට ප්‍රබල දේශපාලනමය හේතුවක් ඇති බව අවස්ථා ගණනාවකදිම විවිධ අය විසින් මහින්ද රාජපක්ෂ රෙජිමය වෙත ඇගිල්ල දිගු කරමින් ප්‍රබල චෝදනා එල්ල කර තිබුණි.
එහෙත් ප්‍රනාන්පුල්ලේ පවුලේ අය මේ ගැන අනුගමනය කලේ නිහඩ පිළිවෙතකි.
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ ඝාතන සැමරුම හෙටට යෙදි ඇත.එය පැවැත්වෙන්නේ  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බව ගම්පහ දිස්ත්‍රික්කය පුරාම අලවා ඇති පෝස්ටර් වල සදහන්ය..ජෙරාජ් සැමරුම 2
සැබැවින්ම මෙය ජෙයාරාජ්ට හිතවත් දහස් ගණන් ජනයාට හමුවට පැමිණ ඇති දෛවයේම සරදමක් නොවන්නේද ?
ඉතින් හෙට දිනයේදි වත්  සුදර්ශණි මැතිණිය මේ ඝාතනය ගැන හඩක් නගයිද ?
ඝාතනයට ලක්වු ජෙයරාජ්ට සෑබෑ ලෙසම ආදරය කළ අයවලුන් මේ ඝාතනයේ ඇත්ත මිනිමරුවන් පිළිබද  ප්‍රශ්ණ දැන්වත් ඉදිරියට ගෙන ආ යුතු නොවේද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here