ජේෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරාටත් මාරුවක් !

0
135

( 1.30 pm ) මීගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා ගම්පොලට ස්ථාන මාරුවක් ලැබ ඇතැයි වාර්තා වේ.
මෙයට පසුබිම් වු කරුණු ගැන දැනටමත් ඇතැම් කසුකුසු මිගමුවේ විවිධ සමාජ කණ්ඩායම් අතර මේ වන විට හුවමාරු වෙමින් ඇති බවද පෙනේ.

දින 10 ක් වැනි කෙටි කලක් තුල මිගමු  කොට්ටාශයේ පොලිසියේ නිලධාරින් අල්ලස්, වංචා  හා දේශපාලන ගැතිකම් හේතුවෙන් අත්අඩංගුවට පත්විමද එරික් පෙරේරාට මුහුණ දිමට සිදුව තිබුන එක් අභියෝගයක් විය.

එමෙන්ම මිගමුවේ ස්පා නැවැත්විම හා බැදුන ඇතැම් ව්‍යාජ තොරතුරු සමාජ ගතකිරිමට මාධ්‍ය හරහා ගෙන තිබුන ඇතැම් ක්‍රියාකාරම්ද එවන් තනතුරක් දරණ අයෙකුට නොගැලපෙන බව ඒ දිනවල බොහෝ දෙනෙකු අතර කථා බහට ලක්ව තිබුණි.

විශේෂයෙන්ම ස්පා සේවිකාවන් දෙදෙනෙකුට එඩ්ස් වැලදි ඇති බවට මාධ්‍ය හරහා සිදුවු ප්‍රචාරය සැබැවින්ම පදනම් විරහිත  අතේ රෝලක් විය.

පසුගිය ඔක් 27 වන කටාන පොලිසියෙන් අත්අඩංගුවට ගැණුන බට් වාහනය සම්බන්ධයෙන් මිගමුවෙ පොලිසියේ නිළධාරින්  මන්දගාමිව කටයුතු කළ ආකාරය ඉතාමත් පැහැදිලිව දක්නට ලැබුණි.
තෝරුන් මෝරුන් වෙනුවට හාල්මැස්සන් වරින් වර අත්අඩංගුවට ගෙන තිබුණ අතර  මේ ජාවාරම සහ එයට සම්බන්ධ සැබෑ පුද්ගලයන් නිතියේ රැහැනට අසුකරගැනිමට සැබැවින්ම මිගමුවේ පොලිස් ලොක්කන් කටයුතු කලේද යන්න ගැන  ගැටළු රැසක් මතුව තිබේ.

සමාජයේ සැබෑ  ඇගයුමකට  ලක්වු  ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු පිළිබදව මතකයක්  මිගමු තුල  ඇති බවක් තවමත් නම් නොපෙනේ.

මිගමුව පුංචි රෝමය යනුවෙන් නම් දරා තිබුණද  දුෂිතයන්ගේ ,මංකොල්ලකාරයන්ගේ  සහ වංචනිකයන්ගේ රජ දහනක්  බවට පසුගිය දශක 2 කක කාලය තුල පත්ව තිබුණි.

ඒ තත්වය වෙනස් කිරිමට මාධ්‍ය සංදර්ශන වලට එහා ගිය සෑබෑ වගකිමක් ගත හැකි උසස් පොලිස් නිළධාරින් මිගමුවට වැඩි වැඩියෙන් අවැසිව තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here