ජේෂ්ඨ රංගධර දයා තෙන්නකොන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට ( 19)

0
207

දයා ( 2.00 pm ) ලංකික සිනමාවේ විශිෂ්ට රූපණවේදියකු වූ දයා තෙන්නකෝන් පසුගිය  ( 17) අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට වයස අවුරුදු 79 කි. සුගතපාල සෙනරත්යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ විශ්වි විද්‍යාල සිසුවකු ලෙස රගපාමින් සිනමාවට පිවිසෙන දයා ඒ වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ සිසුවකුව සිටියේය.  1941 වසරේ නොවැම්බර් මස 29 වැනි දින උපත ලද දයා බණ්ඩාර තෙන්නකෝන් මහනුවර ධර්මරාජ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලද්දේය. ඔහු ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ  පාසැලේ මෙන්ම විශ්ව විද්‍යාලයේ  ද සගයකු විය. අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්. සෙයිලම, බඹරු ඇවිත්, කරුමක්කාරයෝ ,  කිණිහිරියා මල්, සක්මන් මළුව ඇතුළු චිත්‍රපට රාශියකට මෙන්ම කඩුල්ල, තට්ටු ගෙවල්  වැනි ටෙලි නාට්‍ය රාශියකට ද බිහිවුණු බෝසතාණෙනි, කොරා සහ අන්ධයා, හිත හොද අම්මණ්ඩි වැනි වේදිකා නාට්‍ය රාශියකට ද රංගනයෙන් දායක විය. සක්මන් මළුව චිත්‍රපටයේ රංගනය උදෙසා දයා සරසවිය සම්මාන උලෙළේ කුසලතා සම්මානයකින් ද පිදුම් ලද්දේය. දයා විවාහ ව සිටියේ සුප්‍රකට රංගනවේදිනි ග්‍රේස් ආරියවිමල් සමඟය.ම
මේ ප්‍රවින ජේෂ්ඨ රංගධරයාගේ අවසන් කටයුුතු හෙට ( 19)  දින උදෑසන 11.00 ට තලංගම පොදු සුසුන භුමියේදි සිදුකිරිමට නියමිත බව මිරර්ආට්ස් වෙබ් අඩවිය පවසා තිබේ.දයා තෙන්නකෝන් මහතාගේ දේහය අද (18)  දින සවස 6.00 සිට හෙට ( 19) උදේ 10.30 දක්වා අවසන් ගෞරව දැක්විම සදහා තලංගම මහින්ද පනාගොඩ අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කරනු ඇති බවටද වැඩිදුරටත් එහි සදහන්ය.
මුලාශ්‍ර- sarasaviya.lk / mirrorarts.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here