ජේසුට තාමත් සාධාරණයක් ඉටු වෙලා නෑ?

0
70

2011 අගොස්තු මස 25 වනදා මීගමුවේ ප්‍රසිද්ධ හෝටලයක් වන අන්සාර් නමැති හෝටලයේ හිමිකරු සහ සේවකයින්ගේ පහරදීමකට ලක්ව අබ්බගාත තත්ත්වයට පත්වූ කේ. ජීසස් ඩෙනීෂියස් ප‍්‍රනාන්දු සම්බන්ධ නඩු විභාගයක් ඊයේ (5) වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට වගඋත්තරකරුවන්ගේ පාර්ශවයෙන් අන්සාර් හෝටලයේ අධිපති,ඔහුගේ සොහොයුරා සහ තවත් සේවකයන් 3 දෙනෙකු පෙනී සිටින ලදී. මේ වනතෙක් මීගමුව පොලීසිය විසින් විමර්ශන කටයුතු අවසන් කර නොමැති බව අධිකරණයට හේතු දක්වා සිටියේය. මෙම සිදුවීමට සම්බන්ධ විමර්ශන කටයතු අවසන් කරන මීගමුව පොලීසියට ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් දැනුම් දුන් අතර ඒ සදහා මාස දෙකක කාලයක් ලබාදෙන ලදී.ජීසස්-1