ලාංකීය වේදිකා නාට්‍ය කලාවේ මං පෙත් හෙළි පෙහෙළි කළ මංගල නාට්‍ය සභාව, මිනර්වා නාට්‍ය කණ්ඩායම එ් සමඟ බිහි වූ මීගමු පුරවරයේ කලාකරුවන් අතර අද්විතීය නමක් සනිටුහන් කළ වේදිකා හා සිනමා නළු, නාට්‍ය රචක ලූවී රුද්‍රිගූගේ ජොසී බබා හැඩ ගැන්වූ හෙලන් සකුන්තලා හමුවීමට අප ගියේ බෝලවලාන මාවතේ අතුරු පාරකට මායිම් වූ ඇගේ නිශ්චල නිසංසල නිවහනටයි.
හෙළ කලාවේ උන්නතියට අනුපමේය සේවයක් කළ අපෙන් සමුගත් ලූවී රුද්‍රිගු මහතාගේ සෙනෙහෙබර බිරිය හෙලන් සකුන්තලා මහත්මිය අප සමඟ මෙසේ දොඩමළු වූවාය.
ඔබතුමියගේ සම්පූර්ණ නම – කඩුපිටිගේ මේරි හෙලන් සකුන්තලා රුද්‍රිගු
උපන් ගම – මීගමුව. මීගමුවේ පිටිපන.
කුඩා කාලයේ පාසල් ගියේ – ගමේ ඉස්කෝලෙට. දැං පිටිපන මහා විද්‍යාලයට.
බොහොම කෙටියෙන් පවුලේ තොරතුරු ටිකක් කිවුවොත්
මගේ මහත්තයා වේදිකාවේ සිනමාවේ දකෂ නළුවෙක් ලූවී රුද්‍රිගු කියන්නේ. එය මැරිලා දැන් අවුරුදු 10 ක් විතර වෙනවා. මට පුත්තු දෙන්නෙක් ඉන්නවා. එ් දෙන්නාම විවාහකයි. එයාලට දරුවෝ ඉන්නවා. මං දැන් ආච්චි කෙනෙක්.
ඔබතුමිය මුලින්ම කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මගේ අම්මා අන්ත්‍රා වුණා. අපි හතර දෙනෙක් පවුලේ ඉන්නවා. මම දැම්ම මඩමට දළුපොත. මං ටිකක් ලොකු මහත් වෙනකොට අයියා කසාද බැන්දා. අයියා අපිව වෙන්නප්පුවේ ඉන්න මහම්මා කෙනෙක් ගාව නැවැත්තුවා. එයා තමයි තිර ඇඳුම් දෙන්නේ කුලියට. මගේ මාමා ශාන්ත විරාජ් ශාන්ති කුමාර් මාස්ටරුයි ඩාන්ස්වලට කෙල්ලො හොයාගෙන ආවා. මේ ඉන්නෙ ළමයි. වෙන හොයන්න ඕනයැකියලා මාස්ටර් මාව මහම්මගෙන් ඉල්ල ගත්තා.
මාමයි නැන්දයි ඉන්න නිසා මාව මාස්ටර්ට දුන්නා. එතැනින් නුවරට ගියා. නුවර යනකොට ෆ්ලොරි මාගරට් අක්කයි, ලූවී රුද්‍රිගුයි තමයි කොමිට් කරන්නේ. ශාන්ති ලේඛා, ෆෝරිදේවි, විමලා කාන්තා වගේ අයත් එක්ක මම රම්බා නැටුම් ඉදිරිපත් කළා. ඊට පස්සේ තමයි ලූවී රුද්‍රිගු සමග රගපෑමට ආරාධනා ලැබුණේ.
ලූවී රුද්‍රිගු කලාකරුවාගේ ජොසී බබා වේදිකා නාට්‍ය ඔබ මුලින් රගපෑ වේදිකා නාට්‍යය යැයි කීවොත්
ඔව් ඔබ හරි. වේදිකාවේ හා සිනමාවේ විකට නළුවෙක් විදිහට ජය කෙහෙලි නංවමින් හිටිය ලූවී රුද්‍රිගු එක්ක රගපාන්න පොරකන නිළියන් හිටිය කාලෙක එඩී ජූනියර්, පර්ල් වාසුදේව වගේ නිළියන් රගපෑ ජොසී බබා නාට්‍යයේ මම ප්‍රධාන චරිතය රගපෑවේ ලූවී රුද්‍රිගූ එක්කයි.
වේදිකාවේ විශාල රංග කාර්යයකට සම්බන්ධ වෙච්ච ඔබ රගපෑව අයත් නාට්‍ය කීපයක් මතක් කළොත්.
පිස්සා, ධර්මපති, ජීවිතය, දුප්පතාගේ දුක, සිවම්මා, ධනපාල, ලකෂ හතර, පතිවත, හිතුවක්කාරි, බලගතු කාසිය, නිර්මලා, බැරිස්ටර් හාමු, ගහල කොල්ලා වගේ නාට්‍ය කීපයක් මතක් කරන්න පුළුවන්.
ඔබ රගපෑ නාට්‍ය වැඩි ප්‍රමාණයක් මහත්තයාගේ නාට්‍ය නේද?
ඔව්. එ්ත් කීපයක් තියෙනවා. වෙනත් අයගේ එ්වා. එ් අතර ලැඩී රණසිංහ ගේ දුප්පතාගේ දුක, ෆ්ලෝරි අක්කලාගේ බලගතු කාසිය වගේ නාට්‍ය මතක් කරන්න පුළුවන්. එ් හැරුනම සේරම මගේ මහත්තයා ලියපුවා. එයා ඉංග්‍රීසියෙන් ලියලා කාව හරි ගෙන්නලා සිංහලෙන් ලියනවා. එයාට වැඩිය සිංහල ලියන්න බෑ.
එදා ඔබත් සමග වේදිකාවේ සිටි සමකාලීනයන් කීප දෙනෙක් මතක් කළොත්.
රුක්මනී දේවි, හියුගෝ මාස්ටර්, පිටිපන සිල්වා, එඩී ජූනියර්, පර්ල් වාසුදේවි, ශාන්ති ලේඛා, රොම්ලස් අයියා, ඇන්ඩි අයියා, සෝමා අක්කා වගේ අය තාමත් මතකයේ ඉන්නවා.
බොහොම සීමිත චිත්‍රපට සංඛ්‍යාවක නේද ඔබ ඉන්නේ?
ඔව්. බොහොම ටිකයි. එදා රෑ, ජීවිත සටන වගේ චිත්‍රපටවල.
ගුවන් විදුලියේ විකට වැඩසටහන් වලට සම්බන්ධ වෙලා හිටිය කාලය ගැන මතක් කළොත්
එම්.එම්.වී. රෙකෝඩිං, කම්කරු පැය, විනෝද වටය වගේ වැඩසටහන්වලට සම්බන්ධ වෙලා අපි බොහෝම අපූරු කොමිට් වැඩසටහන් කළා.
ටෙලි නාට්‍ය කලාවට සම්බන්ධ නොවීමට හේතුවක් තියෙනවාද?
අපෝ නෑ. අපේ කාලයේ ටෙලි නාට්‍ය නෑ නොවැ. දැන්නේ ඔය එක එක කතාන්දර එන්නේ. එ්ත් ප්‍රැන්සිස් වන්නිආරච්චි මහතා මෑතකදී කරපු උත්තාන වූ ෙජ්සු පාස්කු නාට්‍ය. එයා මාව ටෙලි නාට්‍ය හතරක පහක දැම්මා. නත්තල් ටෙලි නාට්‍ය. එඩ්නා සුගතපාල මම විල්බට් ඇන්තනිවත් අරං දුන්නා. විල්බට් ඇන්තනීව මගේ මහත්තයානේ අරන් දාගත්තේ. එ් කාලෙ අපි යනවානේ මොහිදින් ඛෙග්ලා එක්ක. රේඩියෝ සිලෝන් එකෙන් යනවනේ විනෝද වටය. ජෝතිපාලලා ආවේ අපිට පස්සේ. හරුන් ලන්ත්‍රා, එස්.බී. රොනී, ලතාත් අපි එක්ක. ඇයි අමරදේව. එතකොට අපි කියන්නේ ඇල්බට් අයියනේ.
හැට හැත්තෑව දශකයේ දකෂ නිළියක් හැටියට අද ටෙලි නාට්‍ය, චිත්‍රපට, වේදිකාව ගැන මොකද කියන්න තියෙන්නේ?
අපි වගේ නෙමෙයි. දැන් උගත් ළමයි ඉන්නවා හොඳට සින්දු කියන්න, හොඳ කටහඩවල් තියෙන, හොඳට ඇක්ට් කරන්න පුළුවන් උගත් ළමයි ඉන්නවා. අපි වාගේ නෙමෙයිනේ. එ් කාලේ එච්චර ඉගෙන ගත්ත අය හිටියේ නෑ. දියුණුවක් තිබුණේ නෑනේ. පංගුවකට අත්සන් කරන්නවත් දන්නේ නෑ. දැං දියුණුයි. අපි දැන් ටික ටික පස්සට යන්න ඕන. එ් අයට තැන දීලා.
අද වේදිකා නාට්‍ය කලාව පිළිබඳ ඔබතුමිය මොකද හිතන්නේ?
කළින්ට වඩා ගොඩක් දියුණුයි. ප්‍රියක් නැති නාට්‍ය පෙන්නන්න බෑ. සෙනග කැමති නෑ. ගත යුත්තක් නෑ. එ් නිසා බහිනවා. එ් කලාව බහිනවා. මම දැන් වැඩිය නාට්‍ය බලන්නේ නෑ. එA නිසා ටිකක් අමාරුයි කියන්න. කොච්චරද කියනවානම් ඔළුවේ කෙස් ගානට ජොසී බබා ලංකාවේ නටලා ඇති. අන්න ටවර් එකේ තියෙනවා මගේ පින්තූරයක්.
අද වගේ එදා කලා කටයුතුවලින් හම්බ කරගත්ත පාටක් නම් නෑ වගේ.
එ්වා මොකුත් නෑ. එ් නිසා තමයි මං රට ගියේ. මෙයා (ලොකු පුතා) කුඩා කාලේ එයා රට ගියා. ඉන්දියාවට ගියා. එහෙදි ශාන්ති කුමාර් මාස්ටර්ගේ සල්ලි එපා චිත්‍රපටියෙ ඩබ් කරන්න. එ්ක කරගෙන ඉඳලා මාව ගෙන යන්න ආවා. මට පාට් එකක් දෙන්න කියලා ඛෙනට් අමරසේකර කියලා මුදලාලි කෙනෙක් ඉන්නවා නුගේගොඩ. හොඳ කානිවල් කාරයෙක්. එයා ආවා එකපාරටම. මම පාස්පෝට් එකත් හදලා ඔක්කොම කරලා තිබුණේ. අනේ රුද්‍රිගු යන්න එපා. මම මෙච්චර දෙන්නම්. ඔයාලාට රෑ කෑම, කාමර දීලා, කෑම බීම ඔක්කොම දීලා එ් කාලේ පනස් ගණන්වල රුපියල් 50 ක් 75 ක් දෙන්නං කීවා. මේක අහලා මෙයා පස්ස ගහලා හිටියා. මම කීවා, නෑ අපි යං යං කියලා. ඇහැව්වේ නෑ. කානිවල් ෂෝස් වල සිංදු, ඩාන්ස්, කොමිට් කෑලි, කානිවල් වල පැයෙන් පැයට ෂෝස් තියෙනවා. අවුරුදු පහක් විතර මෙයා ගාව වැඩ කෙරුවා. එකපාරටම කීවා මාතලේ දෙමාසයයි, ත්‍රීකුණාමලේ දෙමාසයයි, අම්පාරේ දෙමාසයයි කියලා. ත්‍රීකුණාමලේ නටලා, අම්පාරේ නටලා, මාතලේ සුමාන දෙකයි. විශාල ගෝරියක්. මුස්ලිම් සිංහල අයගේ. එතකොට මුදලාලි රුද්‍රිගුට කියනවා සල්ලි නෑ කට්ටිය යවන්න. දැන් මොකද කරන්නේ? කියලා. ලකෂ්මි ගාව පවුම් පහක රත්තරන් මගේ පවුම් හතාමාරකුත් අරන් ගියා.
දරුවෝ කලාවට සම්බන්ධ වෙලා තියෙනවාද?
පුතාගේ පුතා ඉන්නවා. ගෘෘප් එකක් කරනවා. ඔක්ටොපෑඩ් ගහනවා. සිතාරා ගෘෘප් එකේ. මෙයාව (ලොකු පුතා) ඉල්ලූවා එ් කාලෙ චිත්‍රපට තුන හතරකට. දුන්නෙ නෑ. එ් කාලෙ තිබුණ හැටියට හු`ගක් නූගත් අය හිටියේ.
වසර කීපයකට පෙර මට මතකයි ඔබතුමිය අපත් සම`ග මීගමු කලා මණ්ඩලය හරහා පැරණි කලාකරුවන්ටත්, අතහිත දෙමින් කලාවට විශාල සේවයක් කළා. එ් ගැන යමක් කිව්වොත්..
අනූවේ මුල් හරියේ රුක්මනී දේවි සමරු රගහල් හැදුනේ. එ් කාලේ ජෝන් මාස්ටර්ලා, හියුගෝ මාස්ටර්ලා, කැමිලස් මහත්වරු, අපි එකතුවෙලා හුගක් දේවල් කළා. සරච්චන්ද්‍ර ගුණරත්න මහත්තයා තමය් කලා මණ්ඩලය ඇති කරන්න මුල් වුණේ. මං ආයෙත් ජොසී බබා පෙන්නුවේ නගර ශාලාවේ ඔය කියන කාලේ. දැං ඉතින් එ් මුකුත් නෑ. කව්රු හරි ආයේ එහෙම සංවිධානයක් පටන් ගන්නවා නම් එ්ක මීගමුවට හුගක් හොඳයි. මමත් පුළුවන් විදිහට සහාය දෙනවා. මට නිකං නගර ශාලාව ලබාගැනීමේ අවස්ථාවක් තිබුණා.
පරණ සිංදු අලූත් අය කියන එක වගේම එ්වා විකෘති කිරීමත් දැන් වසංගතයක් වගේ පැතිරෙනවා. එ් ලෙඩේ අලූතෙන් බෝවෙන්න පටන් අරන් තියෙන්නේ පරණ නාට්‍යවලට. ඔබත් සම්බන්ධ වෙලා හිටපු සිවම්මා ධනපාල නාට්‍ය දැන් මොඩිෆයි කරලා ටෙනිසන් කුරේ විසින් කරන්න පටන් අරගෙන. මේ ගැන මොකද හිතෙන්නෙ?
සිවම්මා ධනපාල කියන්නේ ඇත්තටම හොඳ කොමඩි නාට්‍යයක්. එ්ත් ඔය කතාව මම දැනගත්තේ ළගදි දවසක ටවර් හෝල් එකට ගිය දවසක. අඩුම තරමෙ එ්කෙ රගපාපු, දැනට ජීවතුන් අතර ඉන්න අයවත් නාට්‍ය පටන් ගන්න දවසෙවත් එන්න කියන්න තිබුණා. දැන් කවුරුත් බලන්නෙ හම්බ කරන්නනේ.
වයසින් අවුරුදු 60 ක් වුණත් බොහොම සිනාමුසු මුහුණින් අපත් සමග කතා කළ ඇයට මීගමුවේ කලා කටයුතු නැවත නැවත අවදි කිරීමේ දැඩි උවමණාවක් තිබුණ බව අපට පෙනුනා. කෙසේ වෙතත් අලූත් පරම්පරාවක් සමග කටයුතු කිරීමේ ආශාවක් ඇතිව ඇය, හැකි කඩිනමින්ම ජොසී බබා වේදිකාවට ගේන්නට මහන්සි ගන්නා බව ඇය පැවසූවා. කලාකරුවන් වශයෙන් ඇයට එසඳහා ශක්තිය, ධෛර්යය ලබාදීමටත්, ඒ පැරණි නාට්‍ය බලා ගැනීමට වාසනාව නව පරපුරට උදාවේවායි ප්‍රාර්ථනා කරනවා.
ඇයගේ පදිංචිය – 11/6, බෝලවලාන මාවත, මීගමුව.
එදා රම්බා නැටුම් දර්ශන සඳහා නුවරට ගොස් සිංහල වේදිකාවේ ජොසී බබා හැඩ ගැන්වූ හෙලන් සකුන්තලා අද ටවර් හෝල් දීමනාවක් ලබා දරු මුණුබුරන් සමගින් විවේක සුවයෙන් පසුවෙනවා.