ජෝන්ද බැප්ටිස් පාසැලේ ප්‍රශ්නය ගැන Negombo Today අර්ථකතනයට ආදී සිසුවෙකුගෙන් පිළිතුරක්

0
84

බම්බුකුලිය ජෝන්ද බැප්ටිස් කනිටු විදුහලේ ආදී ශිෂ්‍යයන්  මෙන්ම දෙමාපියන් ගිය ඔක් 05 වනදා විදුහල ඉදිරිපට උද්ඝෝෂනයක නිරත වූයේ  හිටපු විදුහල්පතිවරයා නැවත ලබාදෙන ලෙස ඉල්ලමිනි. හිටපු විදුහල්පතිවරයාට සිය කැමැත්තෙන් ඉල්ලා අස්වී යන්නට සිදුවූයේ පාසලට බාහිරින් සිදුවූ කුමන්ත්‍රණයක ප්‍රතිපළයක් ලෙස බවත් පවසන දෙමාපියන් චෝදනා කරන්නේ පාසලට තම දරුවන්ව එවන්නේ නැති පවුල් 7ක් පමණ එක්ව  මෙම විදුහල්පතිවරයාට පීඩාකාරී වන ලෙස කටයුතු කළ බවයි. මෙහිදී ඔවුන් ප්‍රෙද්ශයේ කතෝලික පූජකතුමන්ලාටද චෝදනා එල්ල කර සිටියහ.
තත්ත්වය එසේ පවතිද්දී Negombo Today වෙබ් අඩවියේ පළවී ඇති කලාපයේ අධ්‍යාපනය සම්බන්ධ ලිපියක බම්බුකුලිය ජෝන්ද බැප්ටිස් විදුහලේ අර්බ්‍රදය සම්බන්ධයෙන් පළකර ඇති තොරතුරු වැරදි බව කළ එහි ආදි සිසුවෙකු මීපුර  අමතා ප්‍රකාශ කළේය.
ඔහු පවසන්නේ  මෙම වෙබ් අඩවියේ සදහන්කර ඇත්තේ ඔක්තෝම්බර් 05 වනදා දෙමාපියන් මෙම උද්ඝෝෂණය සිදුකළේ හිටපු විදුහල්පතිවරයාගේ සහ ප්‍රෙද්ශයේ දේශපාලනඥවරියකගේ උවමනාව මත බවයි. එමෙන්ම දෙමාපියන්ගේ ඉල්ලීම සාධාරණ නොවන්නේ දැන් එම විදුහලට ශ්‍රේනිධාර විදුහල්පතිවරියක් සිටින නිසා බවයි.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අපිට කතාකළ ආදි සිසුවෙක් සහ මා පියෙක් විශේෂ ප්‍රකාශයක් කරන ලදී,


නිගම්බු ටුඩේ වෙබ් අඩවියේ පළවී ඇති ලිපියේ සඳහන් පරිච්චේදය

‘‘ බම්බුකුලිය ජෝන්ද බැප්ටිස් කනිටු විදුහලේ ඇත්තේ මෙයට වෙනස් කතාවකි එම විදුහලේ හිටපු වැඩබලන විදුහල් පතිවරයා විදුහලෙන් මාරුවියන්නේ ඔහු විසින්ම බලධාරීන්ගෙන් ලිඛිත ඉල්ලීමක් කරමිනි.එම විදුහලට පැමිණ ඇත්තේ විදුහල්පති  සේවයේ සුදුකම් ලැබූ ශ්‍රේණිධාරීන් විදුහල් පතිවරියකි. ප්‍රදේශයේ සිටින දේශපාලන බලවන්තියක් සහ හිටපු විදුහල් පතිවරයා විසින් මෙහෙයවන දෙමවුපියන් සුළු පිරිසක් නව   විදුහල් පතිවරියට විදුහලේ වැඩකටයුතු කරගෙන යාමට බාදා කරන බවත්  පසුගියදා පැවති උද්ගෝෂණය සංවිධානය කලේ සහ මෙහෙයවුයේ හිටපු වැඩ බැලූ විදුහල් පතිවරයා  සහ එම දේශපාලන බලවන්තිය විසින් බවට ගුරුවරු සහ දෙමවුපියන් චෝදනා කරති.