ජෝන් ඇමතිවරයා මංතීරුව ගලවපු ඇත්ත හේතුව හෙළිවෙයි ?

0
53

John-amarathunga-720x340වත්තල ඇවිදින මංතීරු ව හිතුවක්කාර ලෙසින් ගලවා ඉවත් කර තිබිම රටතුල පුළුල් දේශපාලනසං වාදයක් ඇතිකිරිමට තරම් තුඩු දුන් නිමිත්තක් විය.
යහපාලන රජයේ අන්තනෝමතිකත්වය ගැනත් රු ලක්ෂ ගණනක මුදල් නාස්තිය ගැනත් මේ සංවාදයන් හිදි අවධාරණයකර  තිබුණි.
මෙසේ ඇවිදින මංතිරුව ගලවා දැමිම පිළිබදව පැහිදිලි චෝදනාව එල්ලවි තිබුනේ ජෝන් අමරතුංග ඇමතිවරයා වෙතය.
එහිදි බොහෝ දෙනෙකුට මතුවු ගැටළුව  තිබුනේ මෙසේ මංතිරුව මේතරම් කඩිමුඩියකින් ගලවා දැමිම පිටුපස තිබිය හැකි ඇත්ත හේතුව පිළිබදවය.
දැන් ඒ පිළිබදවද දේශපාලන කවයන් හිදි මතුවෙන්නට පටන් ගෙන තිබේ.
එනම් මෙසේ මංතිවරුව ගලවා දැමිම සහ ඒ අසලට ඉදිවන්නට නියමිත සුපිරි මහල් නිවාස සංකිර්ණයක් අතර ඇති සම්බන්ධයක් ගැනය.
ඒ ව්‍යපෘතිය සදහා පාර පළල් කිරිම වෙනුවෙන් මෙසේ මංතිරුව දඩිබිඩියේ ගලවා දැමිමට ජෝන්අමරතුංග පාර්ශවය කටයුතු කර ඇති බවය.කෙසේ වෙතත් පෞද්ගලික ආයතනයකට අයත් ඉඩමකට මාර්ගයක්‌ සැකසීම ආරම්භ කර තිබීම මෙම මංතීරුව ගලවා දැමීම අතර යම් සබඳතාවක්‌ ඇති බව ද මෙහි කිසිදු විනිවිදභාවයක්‌ නොමැතිවීමෙන් යම් මූල්‍ය ගනුදෙනුවක්‌ සිදුව ඇති බවට සැක පහල වන බව ද ප්‍රදේශවාසීහු පවසයි.