ජෝනී පච වෙයි ! සුදර්ශණීට ඉහල ප්‍රතිචාර …

0
38

ඇමති සුර්දර්ශණි පවතින තත්වය ගැන ඇත්ත කියමින් ජනතාව වෙනුවෙන් පෙනි සිටිමින් කරමින් සිටින මෙහෙය පිලිබද බොහෝ දෙනෙකුගේ පැසුසුම් ඇයට හිමිවෙමින් තිබෙි.
ඇය පසුගියදා ව්‍යාපාරිකයන්ගෙන් හා දානපතියන්ගෙන් හැකි ආධාර ඉල්ලා සිටියේ පවතින තත්වයට තවත් පමා නොවේ අවැසි කටයුතු සම්පාදනය කිරිමටය.
එහෙත් එයට උද්දච්ච කපටියෙකු මෙන් ප්‍රතිචාර දක්වා තිබුන ඇමති ජොන්ස්න් කියා තිබුනේ ඇමති සුදර්ශණි යම් පිඩනයක සිටින නිසා එසේ ආධාර ඉල්ලා සිටියද රජයට සල්ලි ඇතැයි කියාය.
මේ වන විට ඇමති ජොන්ස්ටන්ගේ මේ ප්‍රකාශයට සමාජ මාධ්‍ය ඔස්සේද දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.

මේ අතර වඩාත් වැදගත් ප්‍රතිචාරය වන්නේ ඇමති සුදර්ශණි විසින් අගේ ෆේස් බුක් පිටුවේ තබා තිබුන මේ සටහනය.

මාගේ ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර ලෙසගම්පහ, මීගමුව රෝහල්වලට වෛද්‍ය උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් පරිත්‍යාග කිරීම සිදුවිය.රටේ රෝහල් පද්ධතිය සදහා හදිසි අවශ්‍යතා පිළිබදව සොයා බලා කොවිඩ් රෝග පාලනයට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කරන්නැයි මා විසින් පසුගියදා මෙරට දානපතියන්ගෙන් කල ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් ගම්පහ සහ මීගමුව රෝහල් වෙත වෛද්‍ය උපකරණ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් පරිත්‍යාග කිරීම එම රෝහල්වලදී සිදුකරන ලදි.

කොවිඩ් රෝගීන් සදහා හදිසි ප්‍රතිකාර ඒකකයට (ICU) අවශ්‍ය වන්නාවූ නවතම වෙන්ටිලේටර් යන්ත්‍රයක් සිරස ටීවී ආයතනයේ ගම්මැද්ද වැඩසටහනේ මැදිහත්වීමෙන් ගම්පහ ‍දිස්ත්‍රික් මහ රෝහලට පරිත්‍යාග කල අතර සිංගර් ආයතනයේ මැදිහත්වීමෙන් High Dependency Unit සදහා 24000BTU AC යන්ත්‍ර 05ක් පරිත්‍යාග කිරීම සිදුවිය. ගම්පහ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති රංජිත් ගුණවර්ධන මහතා රෝහලට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධතියක් ලබාදීමට කටයුතු කරන ලදි.



එමෙන්ම මාගේ මැදිහත්වීමෙන් තවත් වෙන්ටිලේටර් යන්ත්‍ර 02ක්, සියලු උපාංග සහිත මල්ටි පැරා මොනිටර්ස් 02ක්, සියලු උපාංග සහිත ඉන්ෆියුෂන් පම්ප් 03ක්, සියලු උපාංග සහිත සිරින්ජ පම්ප් 05ක්, සියලු උපාංග සහිත හයි ෆ්ලෝ ඔක්සිජන් සිස්ටම් 02ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණය කරමින් ගම්පහ රෝහල වෙත ලබාදීමට කටයුතු කරන ලදි. මෙහිදී අදහස් දැක්වූ මා සදහන් කර සිටියේ කොවිඩ් රෝගීන් වෙනුවෙන් අවශ්‍ය වන්නාවූ හදිසි ප්‍රතිකාර ඒකකය සහ හයි ඩිපෙන්ඩන්සි ඒකකය කඩිනමින් ආරම්භ කිරීමට හැකියාව ලැබුණේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල දායකත්වය මත බවයි.

මෙම අවස්ථාවට කැපිටල් මහරාජා ආයතනයේ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියල්, සිංගර් ආයතනයේ අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා, අධ්‍යක්ෂ මානව සම්පත් රොෂාන් කුලසූරිය, ගම්පහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම, වෛද්‍ය නීලන්ගී යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගී විය.

මීගමුව දිස්ත්‍රික් මහ රෝහල සදහා ඩයලොග් ආයතනය සමග දෙරණ ආයතනයේ මනුසත් දෙරණ වැඩසටහනේ මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂ 04ක් වටිනා භාණ්ඩ රෝහල් කාර්ය මණ්ඩලයට සහ රෝගීන් සදහා පරිත්‍යාග කරන ලදි. මෙම අවස්ථාවට මනුසත් දෙරණ ව්‍යාපෘති අධ්‍යක්ෂ මහේෂ් ජයවර්ධන, මීගමුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නිර්මලා ලෝගනාදන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්විය. ඉන් අනතුරුව මා විසින් මීගමුව රෝහලේ පාලනාධිකාරිය සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා පවතින තත්වය සහ කඩිනම් අවශ්‍යතා පිළිබදව විමසා බලන ලදි. කොවිඩ් රෝගීන් වෙනුවෙන් මීගමුව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට වෙන්ටිලේටර් යන්ත්‍ර, හයිෆ්ලෝ ඔක්සිජන් යන්ත්‍ර, මල්ටි පාරා මීටර්ස් මෙන්ම CT ස්කෑන් යන්ත්‍රයක අවශ්‍යතාව පවතින බවත් ජංගම එක්ස්රේ යන්ත්‍රයක අවශ්‍යතාව පවතින බවත් මෙහිදී සදහන් විය. ඒ සදහා මාගේ අවධානය යොමුවූ අතර ඒවා කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසන බව මා මෙහිදී සදහන් කරන ලදි.