ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට සහ ජාතිවාදයට එරෙහිව කොළඹ උද්ඝෝෂණයට ප්‍රහාරයක් ! 42 ක් අත්අඩංගුවට !

0
180

FSP 17FSP 15FSP 13FSP 12FSP 1FSP 2ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට සහ ජාතිවාදයට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණු අතර එම උද්ඝෝෂණයට පොලිසිය කඩා පැන විරෝධතාකරුවන්ට පහර දී නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගනු ලැබීය. පොලිසිය පැවසුවේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමට එරෙහිව අධිකරණ වාරණ නියෝගයක් ඇති බවයි.FSP 4FSP 5FSP 7
එහෙත් කොල්ලුපිටිය, ලිබර්ටි වටරවුම අසලදී අත්අඩංගුවට ගැනීම සහ පහරදීම සිදු කරන ලද්දේ කිසිදු උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් ආරම්භ වීමටත් පෙරය. ඉන් පසුව පෙසප සාමාජිකයන් ලිප්ටන් වටරවුමට පැමිණ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක නිරත වූහ. එම අවස්ථාවට කඩා වැදුණු පොලිස් නිලධාරීන්, කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් එම සාමකාමී විරෝධතාකරුවන්ට පහරදී ඔවුහු අත්අඩංගුවට ගනු ලැබීය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්, ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මධ්‍යම කාරක සභිකයන් වන සුජිත් කුරුවිට, සී. ලන්දගේ, ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන ඇතුළු පෙසප සාමාජිකයන් 42 දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. නීතිඥ නුවන් බෝපගේද අත්අඩංගුවට ගෙන තිබේ.FSP 9FSP 18

( උපුටා ගැනිම -Front Line Socialist Party face book පිටුවෙනි )