ජෝශප් මයිකල්ගෙන් රවිට අභියෝගයක්

0
59

ඊයේ ජාඇලදී පැවැත්වුණ ජනහමුවක් ඇමතූ හිටපු පා.මන්ත්‍රීවරයෙකු හා ජා-ඇල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජෝශප් මයිකල් පෙරේරා මහතා පා.මන්ත්‍රී රවී කරුණානායක ව විවේචනයට ලක්කරමින් මාධ්‍යට අදහස් දැක්විය. පසුගියදා ජාඇල පැවති ගම්පහ දිස්ත්‍රික්  ක්‍රියාකාරී කමිටු පිහිටුවීමේ රැස්වීමේදී සිදුවූ  ගැටුම මුල්කරගමින්   තවදුරටත් අදහස් දැක්වූ ජෝශප්  මයිකල් මහතා කියා සිටියේ රවී කරුණානායක වැනි  මූල්‍ය වංචා වලට සම්බන්ධවූවන් කිසිසේත් පක්ෂයේ නායකත්වයට සුදුසු නොවන අතර රවි කරුණානායකගේ බලාපොරොත්තුව පක්ෂයේ නායකත්වය ගැනිම බවත් එවැනි  ක්‍රියාවකට එක්සත් ජාතික පාක්ෂිකයන් කිසිසේත් ඉඩ නොදෙන බවත්ය. වර්තමානයේ  රවි කරුණානායක දරමින් සිටින එජාප නියෝජ්‍ය නායකත්වයෙන්ද ඔහුව ඉවත් කළ යුතු බවත් ජෝශප් මයිකල් පෙරේරා මහතා අවධාරණය කර සිටියේය.