ජෝ පියතුමා ගැන තවත් ෆේස් බුක් සටහන් …!

0
64

tmp_10842-FB_IMG_1488074401507-1702377170අනු දෙවසරක් ආයු වළදා පසුගිය දිනක ජිවන ගමනින් සමුගත් ජෝ පියතුමා ගැන දිනපතා විවිධ තොරතුරු අප වෙතට ලැබෙන්නට පටන්ගෙනය.
මේවායින් ප්‍රධානතම වන්නේ එතුමන් විසින් ධීවර ජනතාව සදහා ඉටුකරන්නට යෙදුන සුවිශේෂි යුග මෙහෙවරයි.
මීගමුවේ ලංකාවේ ප්‍රධානතම ධිවර නගරයකි.එම කර්මාන්තය නුතනත්වයට ගෙනඒමට පාර කැපු මුල් පුරුක වි අැත්තේ මේ ජෝ පියතුමාය…
පහත පළවන්නේ අද අපට ලැබුණ මුහුණු පොතක තැබු සටහනකි.

 

කුඩාපාඩුව හා වැල්ලවීදිය පාරම්පරික තෙප්පමේ රැකියා කරමින් සිටි ධීවරයින්ව අද ඉන්නාවු දියුණුව කරා ගෙන ගිය පුරෝගාමීයා වු මෙතුමා ,ගරු. ජෝ පියතුමා පලමු වතාවට පිටත සවිකරන ජොන්සන් ඇන්ජිම හා වෝකස් බෝට්ටු ඇතුළුව දැනට භාවිතයේ පවතින නයිලොන් දැල් හදුන්වා දෙමින්, ලංකාව පුරා සංක්‍රමණික ධිවර රැකියාව සදහා යොමු කිරිමටද මෙතුමාගේ ක්‍රියා කලාපය පිටු වහලක් වුනි.තවද සෙඩෙක් ආයතනය පිහිටුවමින් විදේශ ආධාර අරමුදලක් මගින් ධීවරයින් ගේ ආම්පන්න ලබා ගැනීමට මූලිකත්වය ලබා දී ධීවර රැකියාව වැඩි දියුණු කළේය.

මෙතුමාගේ වියෝව ධීවර අප කනස්සල්ලට පත් කලද මෙතුමාගේ ක්‍රියා කලාපය කියා නිමකිරිමට නොහැක.