ටට්යානා නිසා අවුලට ගිය කාර්දිනල් තුමා !

0
167

Cardinal Mලංකාවේ රෝමානු කතෝලික නොවන සහකරුවකු හෝ සහකාරියක සමඟ පල්ලියේ විවාහ වීමට බලාපොරොත්තු වන රෝමානු කතෝලික දූ පුතුන් සභාවෙන් ඇසිය යුතු ප්‍රශ්න….

රෝහිත රාජපක්ෂ සහ ටට්යානා යුවල පෝරුවේ සිරිත් කර කැන්දාගෙන ගොස් දින කිහිපයකට පසු පල්ලියේ දේව මෙහෙය තුල ‘ආශීර්වාදකාර බන්දනය’ නමැති ‘ප්‍රසාද නිධානය’ නැතහොත් Sacrament of Holy Matrimony ලැබුවේ කෙසේද? සභාවේ නීතියට අනුව පෝරුවේ චාරිත්‍ර සිදුකල යුත්තේ පල්ලියේ චාරිත්‍ර වලින් පසුවයි. මේ පිළිබඳව සභාවේ නීති වෙනස් වී නැති බව මීට සති තුනකට පමණ පෙර, කතෝලික නොවන තරුනයකු සමඟ විවාහ වීමට සිටින දියණියකට මීසමේ පියතුමා තහවුරු කර තිබිණ. රෝහිත ටට්යානා යුවල බම්බලපිටියේ ශා. මරියා දේවස්ථානයේ සිදු කලේ show එකකි.
පෝරුවේ සිරිත් වලින් පසු කැන්දාගෙන ගිය මනාලිය නැවතත් මුහුණ ආවරණය කරන ලද වේලයකින් සැරසී තම පියා සමඟ දේවස්ථානයට ඇතුල් වේ. (මේ වෙලාවේ පල්ලියේ සීනුව නාද වුවාද කියා මා දන්නේ නැත – මිශ්‍ර විවාහයකදී සීනුව නාද කිරීම ගැන සභාවේ වෙනම නීති තිබුණි) තෝරා බේරාගෙන ඡයාරූප ප්‍රසිද්ද කල නිසා දේව මෙහෙය ගැන කියන්න නොදනිමි. කාදිනල්තුමා ආශීර්වාද කල බව සඳහන් වී තිබුණි. කෙසේ නමුත් මේ යුවලට සභාවේ නීති නැමුණේ කෙසේද කියා දැනගැනීමට එහි සාමාජිකයින්ට අයිතියක් ඇත.

1999 දී කතෝලික සභාවට අයිති අප දෙන්නා විවාහ වන විට ඔහුගේ මීසමේ එවකට සිටි මීසම් භාර පියතුමා, අප කතෝලික සභාවෙන් අනිවාර්ය කර තිබෙන විවාහයට පෙර සූදානම් කරන පන්ති වලට සහභාගී වුයේ නැතැයි කියමින් කොලය අත්සන් කිරීම ප්‍රතික්ශේප කළා. (පියතුමා ඒ ගැන ලොකු කතා කියන අතර ඔය කියන පන්ති ගොස් විවාහවී වසරක් යන්න මත්තෙන් විවාහ දිවියේ ගැටළු ඇතිකරගත් ඒ මීසමට අයත් අය ගැන අපට මතක් වී හිනාත් ආවා). මගේ මීසමේ පියතුමන් ඒ සඳහා විකල්පයක් දී, පල්ලියේ ආශීර්වාද ලබා විවාහ වෙන්න සිටි අපට සියලුම දේ සුදානම් කර දුන්න. තවමත් මේ කියන පන්ති වලට සහභාගී වීම අනිවාර්ය වන අතර විවාහ වන යුවලගේ දෙමව්පියන්ද ඔවුන් සමඟ එක පන්තියට සහභාගී වීම අනිවාර්යය. රෝහිත ටට්‍යනා යුවල මේ පන්තියට ගියාද? ඔවුන් සමඟ මහින්ද ශිරන්ති මවුපියන් දෙපළ එක පන්තියකට සහභාගි වුනාද? අනිවාර්යයෙන්ම ඇසිය යුතු ප්‍රශ්න?

රෝහිත ටට්යානා යුවල පළමුව පෝරුවේ චාරිත්‍ර කල දිනයේද, දින කිහිපයකට පසු පල්ලියේ චාරිත්‍ර කල දිනයේද අතිශයින්ම පියකරු යුවලක් විය. සියලුම දේ ඉතා අලංකාරව තිබිණ. ඒ ගැන කතා දෙකක් නැත. එත් කලින් කී පරිදි මෙම විවාහ මංගල්ලය show එකක් පමණි. ගමට හරියන්න ගමේ විදියට එකක් සහ මනාලයා බටහිර ඇඳුමට හරියන්න කොන්ඩෙත් කපල කොළඹදී තව එකක්. හින්දු කෝවිලකට ගොස් තව එකක්. කැමති විදියට, සල්ලි තිබෙන විදියට තම විවාහ උත්සවය දින හතක් නොව, පන්සල්, පල්ලි, කෝවිල්, හෝටල් ඕන තැනක අවුරුද්දක් වුව පැවත් වුවාට කමක් නැත. ඒ විවාහ වන අයගේ කැමැත්ත සහ අයිතියයි.
දෙවියන් නොපැවසූ, පල්ලියේ පැවැත්මට ඇතිකරගෙන තිබෙන නීතිද කැඩුවාට කමක් නැත. නමුත් පෝරුව වේවා, පල්ලිය වේවා, ඒ චාරිත්‍ර සහ ආගමානුකුල පිළිවෙත් හදවතින් අනුගමනය කරන අයට ඒ මගින් කළේ විහිළුවකි. විවාහ දිව්‍ය පූජාව හෝ මිශ්‍ර විවාහයකදී පවත්වන දේව මෙහෙය තුල සිදුවන සෑම දෙයකටම නීතියෙන් ඔබ්බට ගිය ගැඹුරු තේරුමක්
ඇත. යැදුම් යාතිකා පමණක් නොව සීනුව නාද කිරීම, පහන් දැල්වීම, පියතුමාගේ මුලිකත්වයෙන් පල්ලිය තුලදී විවාහයට අත්සන් කිරීම ඇතුළු සියලුම දේට අර්ථයක් ඇත. ඒ නිසා කැත දේශපාලනය, ධනය, බලය නිසාවෙන් දේවස්ථානය තුල සිදුවන දැහැමි විවාහ පිළිවෙතක් show එකක් කර විගඩමක්‌ බවට පත් කිරීමට සැලැස්වීමේ වගකීම ලංකාවේ කාදිනල් තුමාගෙන් පටන්ගෙන සභාවේ සියලුම නායකයින් භාර ගත යුතුය. මින් ඉදිරියට සභාවේ කිසිම දියණියකට හෝ පුතෙකුට පල්ලියේ නීති පෙන්වා ඔවුන්ගේ ජීවිතයේ ලස්සනම දවසට බාධා කිරීමට ලංකාවේ කතෝලික සභාවේ කිසිම නායකයෙකුට අයිතියක් නැත.
(උපුටනය – මුහුණු පොතෙනි )