පසුගිය දින දෙකක සිට මීගමුව කොතලාවල පාලම දෙපස මෝයට ආසන්න කලපු තීරුවේ මෙලෙස බහුදින යාත්‍රා රාශියක් නවතා තිඛේ. ඈත මුහුදේ රැකියාවට ගිය ධිවරයින් මේ පැමිණ සිටින්නේ පාස්කුව සැමරිමටයි.මෙසේ සති ගණනාවක් මුහුදේ සිටිමින් කරනු ලබන මේ රැකියාවට ට්‍රිප් බෝට්ටු රැකියාව ලෙසින්ද ඔහුන් මෙය හදුන්වති.
කෙසේ වෙතත් මේ සටහන තැබෙන මොහොත වන විට මීගමුවෙන් මුහුදු ගිය කිසිදු බෝට්ටුවක් මුහුදේ නැත.
සියල්ලෝම මීගමුව බලා පැමිණ අවසන්ය.
