පාසැල් වලින් ලැබෙන අධ්‍යාපනය ප්‍රමාණවත් නැතිනිසා දෙමව්පියන් තම දරුවා ටියුෂන් පංති කරා යොමු කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. එසේම ටියුෂන් ගුරුවරයාද පාසැලේ ලැබෙන සොච්චම් පඩිය පවුලක් නඩත්තු කිරීම උදෙසා ප්‍රමාණවත් නැති හෙයින් ටියුෂන් පංති යොදා ගනිමින් දරුවන්ගේ අවශ්‍යතාව ඉටු කර දීමට උත්සාහ කිරීමද සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. දරුවෙකු විෂය දැනුම ලබා ගැනීමට දැඩි මහන්සියකින් කටයුතු කරති. එසේ කරනලද කැපකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලබන සම්මාන වල අයිතිය පවසමින් එක් පැත්කින් ටියුෂන් පංතියද, අනෙක් පසින් පාසැලද පෙනී සිටිති. මේ දෙපිරිසම නිසා දරුවාගේ අධ්‍යාපන වර්ධනයට බලපෑමක් සිදුනොවී යැයි කිසිවෙකුටත් කිවනොහැක. නමුත් දෙමව්පියන්, පාසැල, ටියුෂන් පංති මේ සියල්ල දියවැලකට අසුවූවන්සේ තරඟයක යෙදී සිටින බව පැහැදිළිය. මේ තරඟය හරහා පාසැල උත්සාහ කරන්නේ තමන්ගේ නම ඉහළින් තබා ගැනීමටය. ටියුෂන් මුදලාලිලාද පෙනී සිටින්නේ මුදල් වැඩියෙන් හම්බ කිරීම උදෙසා වන තරඟයේදී තමන්ගේ නම ඉහළින්ම තබා ගැනීමටය. මෙම තත්වය මත මුදල් සෙවීමේ ත්‍රියාවලිය මේ දෙපිරිස අතින්ම ගජරාමෙට සිදුවෙයි. පසුගිය දිනවල කතෝලික පාසැල්වල පැවැත්වෙන සංගීත සංදර්ශන සඳහා ටිකට් විකුණමින් කරනලද ජාවාරම ගැන අපි මීට පෙර සඳහන් කර ඇත්තෙමු.
එමෙන්ම ටියුෂන් මුදලාලිලා අතර පවතින පෝස්ටර් සහ අත්පත්‍රිකා බෙදීමේ තරඟයද එවැන්නකි. එක පෝස්ටරයක් තාප්පයේ ඇලවෙන විට එහි පාප්ප වේලෙන්නටත් පෙර තව පෝස්ටර් කිහිපයක් ඊට උඩින් ඇලවෙන අයුරු අපි දැක ඇත්තෙමු. එසේ තරඟ නොකලොත් පාසැල් දරුවා තමන්ගේ ටියුෂන් පංතියට ඇදගත නොහැක. මේ සියල්ල සඳහා වැඩි වැඩියෙන් මුදල් යොදවන්නේ ජීවත්වීම උදෙසා අරගලයක යෙදී සිටින සාමාන්‍ය ගුරුවරු නොව, ටියුෂන් මුදලාලිලා බව අපි අවධාරණය කරන්නෙමු. දරුවන් වෙනුවෙන් තමන්ගේ හද පතුලෙන්ම ඇතිවූ ආදරය සහ කරුණාව පෙරදැරි කරගත් ගුරුවරු නැතිවා නොවේ. නමුත් ඔවුන් මුදල් පසුපස හඹා යන්නේ නැත. කෙසේ නමුත් අප අවධාරණය කරන්නේ මේ සියළු කාරණා අවබෝධයට ගනිමින් කටයුතු කිරීම දෙමව්පියන්ගේ මෙන්ම දරුවන්ගේද යහපතට හේතු වන බවය.
සැම්සන් ඥානසිරි