ටුක් ටුක් පෝලෝ…………..

0
148

අපේ රට ඒ කියන්නේ ශ්‍රීලංකාව විවිධ කාල වලදී විවිධ දේවල් නිසා ලෝකය පුරා පසිද්ධ වෙනවා. ඒ ප්‍රසිද්ධ වීම හොද පැත්තෙන් වගේම නරක පැත්තෙන් වෙන අවස්ථාවලුත් නැතුවම නෙවෙයි. නමුත් අද මේ සටහන ලියන්නේ අන්තර්ජාලයේ පලවී තිබුණ අහම්බෙන් ඇහැ ගැටුනු අපේ රටේ තවත් එක් නිර්මාණාත්මක ක්‍රියාවක් ගැන කියන්නයි.

මේ සිද්ධිය අපට වාර්ථා වෙන්නේ ගාල්ල ප්‍රදේශයෙන්.ඒ කියන්නේ විශාල සංචාරක ආකර්ශණයක් ඇති ප්‍රදේශයකින් නිසා මේ සිද්ධියත් සංචාරක කර්මාන්තයට සම්බන්දයි. මේ අළුත්ම නිර්මාණාත්මක වැඩේ හදුන්වන්නේ “ටුක් ටුක් පෝලෝ” කියලයි.සාමාන්‍යයෙන්  පෝලෝ ක්‍රිඩාව කරන්නේ අලියන් හරි අශ්වයන් හරි යොදාගෙන.නමුත් ත්‍රීවීල් යොදාගෙන පෝලෝ සෙල්ලම් කරන්න පටන් අරන් තියෙන්නේ 2013 වසරේ ඉදන්.

ඒ සිද්ධිය වෙලා තියෙන්නේ මෙහෙමයි. මෙරට විශාල හා සුපිරි සංචාරක හෝටල් ජාලයක හිමිකරුවෙක් වෙන  ජෙෆ්රි හොබ්ස් කියන ඕස්ටේලියානු ජාතිකයා මීට වසර ගණනකට ඉහතදී ගාල්ල නගරය මූලික කරගෙන පෝලෝ තරගාවලියක් ආරම්භ කරල තියෙනවා. ඒ  අවස්තාවේදී සෙල්ලම් කරල තියෙන්නේ අලියන් යොදාගෙන. නමුත් 2007 වසරේදි මෙහෙම සෙල්ලම් කරපු එක අලියෙක් කුලප්පු වෙලා ඒ අවස්ථාවලට ඇවිල්ල තිබුණ වාහන කිහිපයකට හානි කරල තියෙනවා.ඒ නිසා එ් අවුරුද්දෙන් පස්සේ අවුරුදු කිහිපයකට මේ තරගාවලිය පවත්වලා නැහැ.2013 වසරේදී තමයි අලි වෙනුවට ත්‍රීවීල් යොදාගෙන නැවතත් මේ තරගාවලිය ආරම්භ කරල තියෙන්නේ.

2015 වසරේදී මේ තරගාවලියේ දෙවන අදියරයත් ඉතාමත් සාර්ථක ලෙස පවත්වලා තියෙනවා. මේ සදහා විදේශීය සංචාරකයන්ගෙන් වගේම දේශීය සංචාරකයන්ගෙනුත් ඉතාමත් උණුසුම් පතිචාර ලැබෙන බවත් සදහන්. ඊට අමතරව සතුන් වෙනුවට තීවීල් යොදාගෙන සෙල්ලම් කිරීමෙන් සතුන්ට සිදුවන හිංසනය වැලැක්වීමට කටයුතු කිරීම සමිබන්දයෙනුත්මෝගෙන්ම සතුටුදායක පතිචාර ලැබෙන බවයි ආරංචිය.

Screen-Shot-2016-02-23-at-1.51.40-AM-800x450

සටහන- මිතිලායා ගමගේ

 

උපුටා ගැනීම – https://globalvoices.org/2016/02/22/who-needs-elephants-when-you-can-play-polo-driving-around-in-rickshaws-feel-free-to-sing-too/