ටෙන්ඩරය පරදයි කියල බයෙන් රෝහල්ගතව හිටි මන්ත්‍රිව බලෙන් ටිකට් කපාගෙන අරන් ඇවිත් ?

0
58
.
.
.

මීගමුව මහනගර සභා ඉතිහාසය තුල දැවැන්තම ටෙන්ඩර් මෙහෙයුම වි තිබුනේ බිච් පාක් එක ඇතුළු පොලවල් පිළිබදව ටෙන්ඩර් මාලාවයි.
ඒවායේ ආදයම නගර සභාවට ලබාගෙන එහි ප්‍රථිපලසහ  ලාභය බදුගෙවන ජනයා හට ලබාදිමට කිසිදු මන්ත්‍රිවරයෙකුට උවමනාවක් නැත.
එයට හේතුව වන්නේ එසේ වන්නේ නම් තමන්ටඅදාල ටෙන්ඩර් කරුවන් ලැබෙන ලක්ෂ ගාණක කොමිස් සහ අල්ලස් මුදල් නොලැබෙන නිසාය.
ගෙවුන දශකයක නගර සභා ඉතිහාසය තුල බිච් පාක් ටෙන්ඩරය අභියෝගයක ලක්ව තිබුනේ මේ වසරේදිය.
යම් හෙයකින් මේ ටෙන්ඩරය ඇමති ලංසාගේ පියාට අහිමිවන්නේ නම් ඉන් අහිමි වන්නට නියමිත ලක්ෂ ගාණක කප්පම් මුදල් නිසා නිමල් ලංසා ඇමතිවරයා මෙන්ම නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසද දවල් රැ නොබලා ලක්ෂ ගණන් මුදල් වැය කරමින් මරාගෙන මැරෙන අන්දමේ සටනක් දියත් කර තිබුණි.
ඉතා ආසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව සිටි ශ්‍රිලනිප නාගරික මන්ත්‍රි ඩන්ස්ටන් හෙවත් ඩන්ටි මන්ත්‍රිවරයාව බලහත්කාරයෙන් ටිකට් කප්පවාගෙන ඒ අසාධ්‍ය තත්වයයෙන්ම ඡන්දයට අතඑසවිම සදහා මහසභා රැස්විමට කැදවාගෙන තිබුණේ ද ඒ හෙයිනි..
ඡන්දය නිමවා යළිත් රෝහල් ගත වන්නට ඩන්ටි  මන්ත්‍රිවරයා ගිය අවස්ථාවේදි ඔහු මීගමුව රෝහලට බාරගන්නට නොහැකි යැයි පැවැසිම නිසා මීගමුව නවරෝහල ශාඛාවට ඇතුලත් කිරිමට ලංසා පවුලට සිදුව තිබේ.
රෝගිව සිටින අයෙකුගේ ජිවිතය පවා පරදුවට තබා ඡන්දය ගැන සිතන්නට තරම් බිච් පාක් ටෙන්ඩරය කොපමණ වැදගත් දැයි සිතාගන්නට වෙනත් විස්තර අවැසි නැත.
තතු එසේවුවද යහපාලන රජයවිසින් මීගමුවේ සංවර්ධන පිලිබදව වු කමිටුවේ වගකීම  කකුලන් පාලනය කිරිමට නරියෙකු  හට දෙනු ලබන වගකිමක් ලෙසින් යැයි සිතා මීගමුවේ බුද්ධිමත් ජනයාට කටයුතු කිරිමේ වගකිම කිසිසේත් පැහැර හැරිය නොහැකිය.