ටෙලිකොම් වල වහන්න කල් ගිය හේතුව මෙන්න….

0
143

කොළඹ හලාවත මාර්ගයේ මීගමුවේ සිට හලාවත දෙසට යන විට කට්ටුව අාසන්නයේ තිබුන මාරාන්තික ටෙලිකොම් වලක් ගැන අප මීට පෙරද අපගේ වෙබ් අඩවිෙයන් මතු කළෙමු.

එමෙන්ම වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිට පැමිණි ත්‍රි රෝද රථයක් අනතුරට පත්ව තිබුන අයුරුද අප මතු කළෙමු.එහෙත් වල වැසුනේ නැත.මේ ත්‍රිෙරා්ද රථ අනතුරෙන් පසුව තවත් මෝටර් රථ අනතුරු 3 ක් සිදුව තිබුනේ සති 2 කක් වැනි කාලයක් තුලය.

මේ අනුව මේ වල ඇත්තටම මාරයාට අත වනන වලක්ම විය.

දිනක් අප මේ ගැන ටෙලිකොම් ආයතනයේ වගකවයුතු තනතුරක් දරන මහත්තයෙකුගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ එවැනි වලක් පිළිබදව කිසිදු පැමිණිල්ලක් තවමත් ලැබි නැති බවකි.

අප ඔහුට කියා සිටියේ ප්‍රදේශවාසින් මේ ගැන ඇති තරම් අදාල සියළු තැන් වලට පැමිණිලි කර ඇති නිසා පැමිණිලි නොව  මේ වල වහන්නට නම් මිනිස් බිලි කියක් අවැසිද යනුවෙනි.

අපගේ වෙබ් අඩවියේ පුවත දුට හිරු ටි.වි. චැනලයද මේ ප්‍රශ්ණය කදිමට මතු කර තිබුණි.

ගෙවුනේ දින 2 ක කි. වල අපුරුවට වැසුනේය.

ඉතින් ෙ මේවල වහන්නට පමාකළේ කව්ද ???