ඩයනාට විනය පරීක්ෂණ කතා බොරු ; ”සජිත් මේ පැත්තේ ඉඳන්, ඩයනාව ඒ පැත්තට දුන්නා” – රංගේ බණ්ඩාර

0
95
sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
 සජිත් ප්‍රේමදාස, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් ආණ්ඩුව සමඟ ඩීල් එකක් දමා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පවසයි.
ඔහු එබව කියා සිටියේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.
යුන්.ඇන්.පී ය ආණ්ඩුව සමඟ ඩීල් ඇතැයි බොහෝ පිරිසක් පැවසුවද ඩීල් එක ඇත්තේ කා සමඟද යන්න 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය ලබා දෙන අවස්ථාවේ පැහැදිළිව පෙනුණු බවද රංගේ බණ්ඩාර එහිදී  ප්‍රකාශ කළේය.
සජිත් ප්‍රේමදාස පක්ෂයේ රැඳෙමින් පක්ෂයේ අයිතිකාරිය වන ඩයනා ගමගේව ආණ්ඩු පක්ෂයට දුන් බවත්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන් සහ රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස ළඟ රැඳෙමින් සිය පක්ෂ සාමාජිකයන් ආණ්ඩුවට ලබා දුන් බවත් ඔහු කියා සිටියේය.
20ට සහාය ලබා දීම තුළින් ඩීල් දමා ඇත්තේ කා සමඟද යන්න වඩාත් හොඳින් විද්‍යාමාන වූ බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසිය.
ආණ්ඩු පක්ෂයට සහාය ලබා දුන් පිරිසට එරෙහිව සමගි ජන බලවේගය විනය පරික්ෂණ පවත්වන බව පැවසුවද ඩයනා ට එරෙහිව විනය පරික්ෂණ පවත්වා පියවර ගන්නේ කෙසේ දැයි එම මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කර සිටි රංගේ බණ්ඩාර, රංජිත් මද්දුමබණ්ඩාර හෝ සජිත් ප්‍රේමදාස විසින් දැන් විනය පරික්ෂණ පවත්වන බව කිව්වත් එය වැඩක් නැති බවත් කළ යුතු දේ දැන් කළ අවසන් බවත් පැවසුවේය.
 රාජපක්ෂලා සමඟ සජිත් ඇතුළු නායකයන් පිරිස ඩීල් දමා 154ක් ලබා දුන් බවද දැන් මිනිස්සු රැවටීමට කතා කියා පලක් නැති බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.
යු.ඇන්.පී ය කඩා නොදමා එකට තබා ගෙන ඉදිරියට යා හැකි නායකයා කවුරුන්ද යන්නත්, ගිය නායකයා කවුරුන්ද යන්නත්, 47 දෙනෙකුගෙන් ආණ්ඩුවක් කළ හැක්කේ කාටද යන්නත් දැන් ජනතාව අවබෝධ කරගත යුතුව ඇති බව රංගේ බණ්ඩාර මෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කර සිටියේය.
theleader.lk