ඩයලොග් වලින් විකිපීඩියා ගියොත් මොකද වෙන්නේ?

0
167

ඩයලොග් ආයතනයෙන් දුරකථන සම්බන්ධතා ලබාගෙන ඇති සෑම දුරකතනයකටම ඔවුන්ගේ විවිධ වෙළද ප්‍රචාරක දැන්වීම් සහිත ඇමතුම් සහ ලැබෙයි. ඒ සදහා පාරිභෝගිකයින්ගේ විශේෂ අවසරයක් ඔවුන් ලබාගෙන නොමැති වුවත්  මෙම සම්බන්ධතාවය ලබාගැනීම හරහා පාර්භෝගිකයාට මෙම අත්දැකීම ඉවසීමට සිදුව ඇත.
මේ දිනවල ඩයලොග් සම්බන්ධතාවය ඇති දුරකථන වලට ලැබෙන අලුත් sms වන්නේ අන්තර්ජාලයට නොගොස් විකිපීඩියා වෙබ් අඩවිය පරිහරණය කළ හැකියි යන්නයි. ඒ සදහා කැමති නම් නැවත දැනුම් දෙන්න යන්න එහි සදහන් වේ. ඒ සදහා අය කරනවාද නැතිනම් එම සේවාව නොමිළේද කියා ඇගවෙන කිසිවක් එහි නොමැත. නමුත් විමසා බැලූ විට දැනගන්නට ලැබුණේ  ඒ සදහා මුදලක් කැපෙන බවයි.
මේ ආකාරයට නොදන්නා පාරිභෝගිකයන් මෙම එස්.එම්.එස් එකට  කැමති බව දන්වා පිළිතුරු යවන්නටත් පුලුවන. නමුත් එයට මුදල් කැපෙනවා යැයි ඔවුන් නොදන්නවා විය හැක.  සමහර විට කුමක් කරන්නදැයි සිතාගන්නට නොහැකිව අතරමං විය හැක. කෙසේ වුවත් මෙම ක්‍රියාවලියේ කිසිදු පාරදෘෂ්‍යභාවයක් නොමැත.
පාරිභෝගිකයා රවටා මුදල් සෙයාගැනීම යහපත් ව්‍යාපාරික සේවයක් නොවේ. එමෙන්ම පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිදුකරන අනවශ්‍ය සේවාවන් ද සීමාවිය යුතුය.
පාරිභෝගිකයා වෙනුවෙන් රජය හෝ මැදිහත්වී පුද්ගලික දුරකථන සමාගම් සමග යම් ගිවිසුමකට පැමිණෙනවා නම් වඩාත් සුදුසුවේ.