ඩීසල් ලැබෙනකම් දවස් 5 ක් ගොඩබිම හිටියා !

0
187

ඩීසල් ලැබෙන නම් දින 5 ක් ගොඩ බිම රස්සියාදු වන්නට සිදුව බව බහුදින යාත්‍රාවක රැකියාව කරන ධිවරයෙකු මිපුර අමතා පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණි.
ඉන් කියැවෙන්නේ දිනපතා හිග වෙමින් මිළ ඉහලින් යමින් ඇති මාළු පිළිබදව තවත් බරපතල කථාවකි.
මුහුදු යන්න තෙල් නැත්තම් ගොඩබිමට කෙහෙන්ද මාළු ? ඉතින් තියෙන ටික ඉහල යනව තමයි .
ඒ් ඔහුගේ ප්‍රකාශයයි.
බහුදින යාත්‍රාවකට සමාන්‍යයෙන් ඩීසල් ලීටර් 12000 ත්  15000 ත් අතර ප්‍රමාණයක් අවැසි බවත් මේ දිනවල ඩීසල් සපයා ගැනිමට බරපතල ගැටළුවක් වි ඇති බවත් බහුදින යාත්‍රාවල සේවය කරන ධිවරයෝ කියා සිටිති.
මේ තත්වය දිගටම පැවතුන හොත් ධිවර කර්මාන්තයේ බරපතල කඩන් වැටිමක් අනිවාර්ය බවද ඔවුන් කියා සිටිති.