ඩෙංගුවලින් බේරෙන්න ඕනා ලංසලගේ පවුල විතරද ? දළුපත වැසියෝ ප්‍රශ්ණ කරති !

0
225

IMG 20191105 WA0082මීගමුව නගරයේ මේවනවිට කතා බහට ලක්වන ප්‍රධාන ප්‍රශ්ණය වන්නේ ඩෙංගු රෝගය නිසා මතුවී ඇති ප්‍රශ්ණයයි. දළුපත ප්‍රදේශය අවට කානු පද්ධතිය පිරිසිදු නොවන නිසා ඩෙංගු මදුරුවා මෙම ප්‍රදේශවල බෝවීමට හේතුවක් වශයෙන් පවතින බව ප්‍රදෙශවාසීන් පෙන්වා දෙති .මේ අනුව දළුපත , සිරකඳවුර පාරේ සමහර ස්ථානවල ඩෙංගු රෝගය පැතිරෙමින් ඇති අතර කානු සුද්ධ කිරීමක් හෝ දුම ගැසීමක් එම ප්‍රදේශවල සිදුවී නැත . පසුගිය දිනවල තරුණ ජීවිතයක් සහ වයස අවුරුදු 10 ක දරුවකු මිය යන්නේ එම හේතුව පදනම් කර ගනිමින්ය .IMG 20191105 WA0083
නිවාස පරීක්ෂා කිරීමට යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තමුන්ට හිතවත් අයට එක් ආකාරයකටත් , අනෙක් අයට තවත් අාකාරයකටත් කටයුතු කරන බවට අදහස් දක්වයි .
සුළු ව්‍යාපාරිකයෙකු වූ අයිවන් පෙරේරා මහතා මේගැන පළකළේ මෙවන් අදහසකි .
“අපේ ගෙදර 4 දෙනෙකුට ඩෙංගු හැදුන⁣ . අපේ කානු සුද්ධ කරන්නෙ නෑ. මම මේගැන පෙත්සන් ගැහුව . හමුවෙල කිව්ව. නමුත් වැඩක් වුනේ නෑ. ගෙවල් හෝදිසි කරල පොල් කට්ට බලනවා. නමුත් කානු සුද්ධ කරන්නෙ නෑ. අපේ ගෙවල් ඉස්සරහ කානු සුද්ධ නොකරට නිමල් ලංසගෙ ගේ ඉස්සරහ කානු සුද්ධ වෙනව. දුම ගහනව.”
විශාල මන්දිරයක් හදාගත්ත අයියගෙ කොටස පමණක් පිරිසිදු කර රැකගන්නට දුම් ගැසීමත් , කානු සුද්ධ කිරීමත් සිදුකරන මීගමුව නගරයේ අනෙකුත් ප්‍රදේශ ගැන අවධානය නොදෙන බලධාරීන් නිසා නගරයේ මෙම ඩෙංගු රෝගය වසංගතයක් මෙන් පැතිරීමට එය එක් හේතුවක් බව පැහැදිළිය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here