ඩෙංගු වලින් මීගමුව රෝහලේදි ගැබිණියක් මිය යයි ! ඥාතින්ගෙන් රෝහලට චෝදනා ?

0
50

denguමීගමුව රෝහලේ විශේෂ ඩෙංගු වාට්ටුවක් තිබියදිත් එහි ප්‍රතිකාර ලබා දි ගැබිණියකගේ ජිවිතය බේරාගැනිමට රෝහල් කාර්ය මණ්ඩලය අපොහොසත් විම ගැන මිය අයගේ ඥාතින් විසින් රෝහලට සිය චෝදනා එල්ල කර සිටි.
මාස 7 ක දරුගැබක්ද සමගින් උණ රෝගය වැළදිමෙන් මීගමුව රෝහලේ 3 වන වාට්ටුවේ දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 21 කතකි. ඇය සිය කුළුදුල් දරුවා බිහිකිරිමේ සිහින දකිමින් සිටියදිම ජිවිතයෙන් අවාසනාවන්ත ලෙස මෙසේ සමුගන්නට සිදුව ඇත්තේ ලක්ෂ 500 ක් වැය කරමින් මෙවන් ජිවිත බේරාගැනිම සදහා විශේෂිත ඩෙංගු වාට්ටුවක් මිටර් 50 ක පමණ දුරින් පිහිටා තිබිදිය.
මේ නොසැලකිල්ලට වගකිව යුත්තේ කව්දැයි මිය ගිය කතගේ ඥාතිහු රෝහල් බලධාරින්ගෙන් විමසා සිටිති.