ඩෙංගු උණ රෝගින්ගෙන් පිරුණු මීගමුව රෝහලට හැකි සහයක් පළකරන්නට පෙළගැසෙමු !

0
99
රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු ගැන මෑතක පැවැත්වු සාකච්ජාවකි.

dav

මීගමුව රෝහල දිනෙන් දිනම ඩෙංගු උණ රෝගීන් පිරියමින් තිබේ.එයට හේතුව වි තිබුනේ මීගමුව රෝහලේ විශේෂ ඩෙංගු ප්‍රතිකාර ඒකකය රටපුරා ප්‍රචලිතව පැවතිමය.
එහෙත් දැන් මතුව ඇති ප්‍රශ්ණය වනුයේ එහි ධාරිතාවයට දරන්නට බැරි තරම් ප්‍රමාණයක් රෝගින් දැන් රෝහලට පැමිණෙමින් තිබිමය.
අද වන විට ඩෙංගු රෝගීන් 1113 ක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.
මේනිසාම වෛද්‍යවරුන් ,හෙදියන් පමණක් නොව කනිෂ්ඨ සේවකයන්ගේද බරපතල අඩුවක් පවති.
එපමණක් නොව අවශ්‍ය ස්කැන් යන්ත්‍රවල ඇත්තේ ද බරපතල අඩුවකි.
මෙවන් තත්වයකදි යොදාගත යුතුව ඇති ස්කැනර් යන්ත්‍රයක අඩුයක් පවතින බවද එය මිළට ගන්නේ නම් රු ලක්ෂ 50 ක් පමණ වන බවද කියැවිණි.
මේ පහසුකම ප්‍රමාණවත්ව නොමැති නිසා අදාල වාට්ටුවල සිට ස්කැනර් යන්ත්‍රයක් ඇති තැනට රෝගින්ව දිනපතා ගෙනයා යුතුව තිබේ.ඊයේ දිනයේ පමණක් මෙසේ රෝගින් 66 දෙනෙකු වාට්ටුවල සිට රැගෙන ඒමට සිදුව තිබුණි.
පවතින අඩුපාඩුකම් සහ ඊට ගත හැකි විසදුම් ගැන සොයා බැලිම සදහා වන  විශේෂ හමුවක් මීගමුව එජාප ආසන සංවිධායක සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතාගේ ඉල්ලිම පරිදි මීගමුව රෝහලේ අධ්‍යක්ෂකවරිය විසින් අද (2017 /04/19)සංවිධානය කර තිබුණි.
දැනට නව ගොඩනැගිල්ලේ වැඩකටයුතු කඩිනමින් නිමකරගැනිමට නොහැකිව තිබෙන පසුබිමක වැඩිවන උණ රෝගින් සදහා ඉඩකඩ ලබාදිම මහත් ගැටළුවක් බවද මෙහිදි අනාවරණය විය.
මෙහිදි ඉදිරිපත් වු අවධාරණයන් ගැන කඩිනමින් අවශ්‍ය බලධාරින් දැනුවත් කිරිිමට වහා පියවර ගන්නා බව එජාප සංවිධායක රොයිස් විජිත මහතා මෙහිදි කියා සිටියේය.
මෙම සාකච්ජාව සදහා නිදහසේ වේදිකාවේ බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුළු සමාජ ක්‍රියාකාරින් පිරිසක්ද රෝහලේ ප්‍රධානින් පිරිසක්ද එක්ව සිටියහ.