ඩෙංගු තුරන් කිරීමට වෙන්කල “පැය” අද සිට ක්‍රියාත්මකයි

0
413

hqdefault

ඩෙංගු මැඩලීමේ ජනාධිපති කාර්යසාධක බලකාය හා සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශයට පත්කරන ලද ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීම සදහාද වෙන්වූ පැයක කාලය අද දින සිට ආරම්භ වූවා. එම පැයක කාලය සතියේ සෑම සිකුරාදා දිනයකම පෙරවරු 9.30 සිට 10.30 දක්වා ක්‍රියාත්මක කල යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ.

මේ අනුව එම පැයක කාලය තුල නිවාස,පෞද්ගලික ව්‍යාපාරික ස්ථාන,ඇතුළු සියළුම ස්ථාන පිරිසිදු කිරීම කල යුතු අතර එම කාලය තුලදී අදාල කාර්‍යය නිවැරදිව සිදුවනවාද යන්න පිලිබදව පරික්ෂා කිරීම සදහා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් හා සෞඛ්‍ය අංශයේ නිලධාරීන් පැමිණෙන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පෙනවා දෙනවා.