ඩෙංගු නිසා අතමිට සරුකරගත් කුමාරලාගේ මාෆියාව ?

0
121

dengu wardජීවිත බේරෙන වෙදකම හෙදකම දැන් ක්‍රියාත්මක වන්නේ සැබැවින්ම ව්‍යාපාරයක් ලෙසින්ය.
එහෙත් අතලොස්සක් වෙදැදුරෝ සිය වෘත්තීය ප්‍රතිඥා සිය දහම කොටගෙන වෛද්‍ය වෘත්තීයේ නියැලෙති.එහෙත් ඇතැමුන්ගේ වෘත්තිය දහම වි ඇත්තේ මුදල්ය.
ඔවුන්  සැබැවින්ම මුදලාලිය.
මෙවන් අයට ඩෙංගු යන සැබැවින්ම ඉල්ලමකි.
පරම්පාර ගාණක් ගොඩදාගත හැකි නිල් දියමන්ති ඉල්ලමකි.
ඒ නිසාම ඔවුන් රඟන්නේද කුමාරවරුන් ලෙසින්මය.
මීගමුව රෝහල දැන් ඩෙංගු රෝගීන්ගෙන් පිරියමින් තිබේ. ඊයේ දිනයේ එහි නේවාසික ප්‍රතිකාර ගනිමින් සිටි ගණන 240 ඉක්මවා තිබුණි.
අවට පුද්ගලික රෝහල් වලද දැන් තත්වය එසේමය.
ඒ නිසාම ඒකි පුද්ගලික රෝහල් අතර ඇත්තේද දැවැන්ත වෙළඳ තරඟයකි.
ඒ සියල්ලේ පවා අසාධ්‍ය රෝගීන් අවසාන වශයෙන් එවන්නේ මිගමුවේ මහරෝහල වෙතය.කෙසේ වෙතත් මීගමුවේ වෙනත් පුද්ගලික රෝහල්වල වෙනත් විශේෂඥ වෛද්‍යවරු යටතේ ප්‍රතිකාර ලැබු රෝගීන්ව මිගමුව රෝහලට භාරගැනිමේදි විවිධ බාධා පමුණුවනන්නට එක්තරා වෛද්‍යවරයෙක් සිය බලය පෙන්වමින් සිටින බව සැලය.
ඒ අනුව අදාල වෛද්‍යවරයා එහිදි කල්පනා කරනවා ඇත්තේ තමන් අරක්ගෙන සිටින පුද්ගලික රෝහලටම ඩෙංගු රෝගීන් ගෙන්වාගෙන තමාගේ මෙන්ම තමන්ට කුමාරයෙකු සේ සලකාගෙන සිටින රෝහලේ ආදායම දෙගුණ තෙුගුණ කරන්නටය.
මීගමුව තුල ඩෙංගු අධි වසංගත තත්වයකට පත්වු 2017 වසරේදි මේ පුද්ගලික රෝහල් මෙන්ම මේ රෝහල්වල ඩෙංගු රෝගීන්ට කුමාර ලිලාවෙන් ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ද රු කෝටි ගණනින් හම්බ කරගෙන තිබුණි.
එබැවින් තමන්ට මෙන්ම තමන්ට සලකන රෝහල් වලට පෙරලා සැලැකිමට දැන් ඇතැමුන් ක්‍රියාත්මකය.
මීගමුව රෝහල තුල මෙය දැන් පැහැදිලිව ප්‍රදර්ශනය වෙමින් තිබේ.
කුමාර මාෆියාව මිගමුව තුල දැන් ක්‍රියාත්මක වන්නේ එලෙසිනි.