ඩෙංගු නිසා කුරණ එක්දරු මවක් මිය යයි

0
50

පසුගිය දිනවල මීගමුව – කුරණ ප්‍රෙද්ශයේ වර්ධනය වූ ඩෙංගු උණ හේතුවෙන්  එම ප්‍රෙද්ශයෙන් ඩෙංගු රෝගීන් රැසක් පිළිබඳව  වාර්තා වූ අතර අද වන විට  27 හැවිරිදි එක්දරු මවක් මියගොස් ඇති බව වාර්තා වේ. මෙම ඩෙංගු මරණය  මෙම වසරේ මීගමුවෙන් වාර්තා වූ දෙවන ඩෙංගු මරණය වේ. පසුගිය දිනවල කුරණ ප්‍රෙද්ශයේ ඉදිවෙමින් පවතින සුපිරි හෝටල් භූමියේ විශාල වශයෙන් ඩෙංගු කීටයන් තිබී හමුවූ අතර ප්‍රෙද්ශවාසීන් විසින් මෙම අනතුර සම්බන්ධයෙන් විරෝධතාවයකද නිරත වූහ.  මෙම හෝටලයේ ඩෙංගු කීටයන් වර්ධනය වීම පිළිබඳව  මේ වනතෙක් මීගමුව මහජන සෞඛ්‍ය කාර්යාලයේ බලධාරීන් විසින්  කිසිඳු නීතිමය පියවර ගෙන නොමැත. dengu protest 10.JPG.JPG.JPG