ඩෙංගු නිසා සිගිති දියණියකගේ ජීවිතය අහිමි වේ

0
50

පිටිපන අලුත්කූරුවේ පදිංචි සෙත්මි දීනා වයස අවුරුදු 6 ක් වයසැති පුංචි දැරිවිය ඩෙංගු උණ වැළදීම හේතුවෙන් පසුගිය ඉරිදා (2) මීගමුව රෝහලට ඇතුළත් කර ඇත. ඩෙංගු අසාදන තත්ත්වය බරපතල වී දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලබමින් සිටි මෙම දැරිවිය අද උදේ මියගොස් ඇති බව වාර්තා වේ.
සෙත්මි දීනා පවුලේ එකම දියණිය වන අතර ඇය ඉගෙනුම ලබමින් සිට ඇත්තේ මීගමුව ශාන්ත ජෝශප් විද්‍යාලයේ 2වන වසරේයි.
ඇය පදිංචි ප්‍රදේශය වන පිටිපන – අලුත්කූරුව ප්‍රදේශයෙන් පසුගිය දිනවල දිගින් දිගටම ඩෙංගු වැළදුන රෝගීන් වාර්තා වූ බව ප්‍රදේශවාසීන් පවසති.

2404437_orig