පසුගිය 08 වෙනිදා මීපුර වෙබ් අඩවිය හෙළිදරව් කර තිබුනේ මීගමුවේ ඇති සියළුම වෛද්‍ය රසයානාගාරවල ඩෙංගු පරික්ෂණ පිළිබදව රජය පනවා තිබු මිළ පාලනයට එරෙහිව යමින් ඉහල මිලක් යටතේ ඒ සදහා අය කිරිම් සිදුකරන්නට කටයුතු කර තිබුණි.
රජයේ මිල පාලනයට අනුව ඩෙංගු ඇන්ටිජන් පරික්ෂණය රු 1000යි සම්පුර්ණ රුධිර පරික්ෂණය රු 250යි .
එහෙත් පසුගිය දින කිපය තුල ඩෙංගු ඇන්ටිජන් පරික්ෂණය රු 1800 කට වැඩි මිලකටත් සම්පුර්ණ රුධිර පරික්ෂාව රු 450 කටත් වඩා වැඩිමිලකටත් මුදල් අයකිරිම් වාර්ථා වි තිබුණි.
අප මේ පිළිබදව සෞඛ්‍ය ඇමතිවරයාගේ අවධානය වහාම යොමුකරන්නට කටයුතු කළෙමු.
මේ සියල්ලේ ප්‍රථිපල ලෙස දැන් යළිත් ඩෙංගු රෝගින්ට සහනයක් ලැබි තිබේ.
Save