ඩෙංගු මදුරුවෙක් සහ විපක්ෂ නායක

0
117

පසුගිය මාස 9 කාලය තුල වෙන්නප්පුවේ ජිවිත 6 ක් නැතිවුයේ ඩෙංගු රෝගය නිසාවෙනි. එමෙන්ම පසුගිය මාසය කිපයේදී පුත්තලම් දිස්ත්‍රික්කයේ ඩෙංගු වැඩිම නගරය බවට වෙන්නප්පුව නගරය පත්වී ඇති බවට ද තොරතුරු වාර්තා විය.
එහෙත් මේ බරපතල තත්වය ගැන කිසිදු සක්‍රිය මැදිහත් විමක් ඒ ප්‍රදේශයේ විපක්ෂයේ දේශපාලකයන විසින් කර තිබුන බවක් නොපෙනේ .

වෙන්නප්පුව අද පුත්තලම් දිස්ත්‍රික්යේ වැඩිම ඩෙංගු සහිත නගරය බවට පත්ව තිබිම ගැනද මේ අය නොදන්නවා විය හැක.

පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රිවරුන්ද සිටින මේ කලාපයේ මේ එක් අයෙක් වත් මේ මළගෙවල් වලට ඉදිරි ජන්ද සදහා වු උපයෝගිතාවාදි අරමුණෙන් ගොඩවුවා හැරෙන්නට මේ ජිවිත අහිමි
විමට බලපෑ අවධානම ගැන කිසිදු වගක් ගත්තේද..??   ඩෙංගු මර්ධනය කිරීම සදහා අදාළ ආයතන වෙතලබාදිය යුතු සම්පත් පිළිබදව වත්  හඩ නැගීමට ප්‍රාදේශීය සභා මට්ටමේ
සිට පළාත් සභා දක්වාත් පාර්ලිමේන්තුව දක්වාද ‍මතුකළ යුතු  විපක්ෂයේ හඩ මෙතරම් නිහඩ
වී ඇත්තේ ඇයි ?

තමන්ගේ බිස්නස් ඇරෙන්නට අන්දේවල්  දකින්නට ඇස් නැති ඇහෙන්නට කන් නැති මේ විපක්ෂ දේශපාලකයන් යළිත් තවත් මාස කිපයකින් වෙන්නප්පුවේ ගෙවල් ගානේ බඩගාන්නට නියමිතව ඇත.

මේ අය එන මගට මල්ලක දමාගෙන පරිස්සම් කරගත් ඩෙංගු මදුරුවන් මුදාහරින්නට හැකිනම් කෙතරම් අගේද..???