ඩෙංගු මර්දනයට සීදූවෙන් සක්‍රීය වැඩපිළිවෙලක්

0
103

 

සීදූව නගර සීමාව තුළ මේවනවිට ඩෙංගු රෝගීන් 108 ක් ප්‍රතිකාර ගනිමින් සිටින බව එහි නගරාධිපති සරත් පීරිස් මහතා සඳහන් කරයි. මේ අනුව වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමන්දොළුව ප්‍රදේශයේ වනඅතර එහි 11 දෙනෙක්ද, මූකලන්ගමුව ප්‍රදේශයේ 4ක්ද, අම්බලම්මුල්ල ප්‍රදේශයේ 7ක්ද අනෙක් ප්‍රදේශවල 3, 4 වැනි සංඛ්‍යෘ වලින් ඩෙංගු රෝගීන් සිටින බව ඒ මහතා පවසයි. මේ වනවිට එක පැත්තකින් ජනතාව දැනුවත් කිරීම උදෙසා ගෙන්ගෙට යෑමේ වැඩපිළිවෙලක් සහ ට්‍රැක්ටර් 12ක් යොදා කුණු එකතු කිරීමේ වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක කරයි. එමගින් එක ට්‍රැක්ටයකින් දිනකට ලෝඩ් 3 බැගින් කුණු එකතුකරන අතර පොඩි වාහන 4ක් සහ කරත්තද යොදා ගන්නා බවත් සරත් පීරිස් මහතා සදහන් කරයි. දුම් ගැසීමට වඩා වෙනත් විකල්ප යොදා ගනිමින් මදුරුවා බෝවන ස්ථාන විනාශකිරීමේ කටයුත්ත කෙරෙහි වැඩි අවධානයක් දෙන අතර එය ප්‍රමානවත් නොමැති වුවහොත් පමණක් දුම් ටිකක් ගැසීමට අදහස් කරන බව මේ සියළු කටයුතු සදහා විශේෂ රැස්වීමක්  22වෙනිදා පවත්වන බවද ඔහු පවසයි.ාැබටසmages