ඩෙංගු මර්ධනයට විසදුම් හොයන මීගමුවේ ඔස්තාර්ලාට බදුගෙවන පුරවැසියා කියන කථාව !

0
140

denguමීගමුවේ ඩෙංගු ප්‍රශ්නය විසදීම තරමක් භාරදූර කටයුත්තක්. මක්නිසාදයත් මීගමුව නගරය තුල ක්‍රමානුකූලව බැසයන කානු පද්ධතියක් සකස් කීරීම තරමක් විද්‍යානුකූලව සිදුකල යුතුයි. මිගමු නගරය මුහුදු මට්ටමෙන් තරමක් පහලින් පිහිටා තිබීම මෙයට හේතුවයි. මේ වනවිට විශේෂයෙන් මීගමුව නගරයේ ඇති කිසිම කානුවකින් ජලය ගසා ගෙන යන තත්ත්වයක් දැකිය නොහැක. පසුගිය කාලයේ කෝටි ගනන් නගර සභාවේ මුදල් වියදම් කර සාදා ඇති කානු මේවන විට මදුරුවන් බෝකරන ජල තටාක බවට පත්ව ඇත. එසේම දේශපාලකයන් තමන්ගේ හෙංචයියන්ට ඉවක් බවක් නැතිව ගොඩනැගිලි ඉදිකිරීමට ඉඩදීම නිසා අද මුලු නගරයම අක්‍රමවත් ඉදිකිරීම් වලින් පිරී ඇත. ගලානොයන ජලය ඇති නගරයක මදුරුවන් මර්ධනය කිරීමට ගෙන එන කිසිම විසදුමක් යතාර්ථයක් වන්නේ නැත. ඩෙංගු මර්ධනයට විසදුම් හොයන මීගමුවේ ඔස්තාර්ලා මේ ගැන හිතන්නේ නම් මැනවි.
අරුණ ශාන්ත නෝනිස්