ඩෙංගු යළි හිස ඔසවයි ?

0
126

පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය හිස ඔසවමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය කියා සිටි.ඊයේ (29) කොළඹ පැවති වැඩසටහනකදී හෙළිවූයේ මේ වසර තුළ මේ දක්වා ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් 16,500ක් වාර්තා වී ඇති බවය.ඉන් බහුතරය බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර ඊයේ වනවිට එම අගය 3,000 ඉක්මවා තිබුණි.

කොළඹින් පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 1,125ක් පමණ වෙයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පැවසුවේ ඒ ගැන ජනතාව අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වන බවය.
මේ අතර රටේම අවධානය කොරෝනා , ඩෙල්ටා කෙරෙහි යොමුව ඇති පසුබිමක ඩෙංගු මදුරුවාගෙන් විය හැකි හානිය සුළු කොට තකන්නට සමාජය පුරුදුව සිටින බවක් පෙනේ . මෙහි ඇති අවධානම වහාම අවබෝධ කරගෙන ඩෙංගු වලට එරෙහිව ක්‍රියාත්මක විමට අදාල පළාත් පාලන ආයතනවලට පැවරෙන වගකිම තරම්ම වැඩි වගකිමක් සමාජයට තිබේ.