ඩෙංගු යළි හිස ඔසවයි !අනුරාධපුරයෙන් ඩෙංගු රෝගින් 263 ක් ? මරණ 2 කක් ?

0
361

Anti_Dengueඅනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගින් 263 දෙනෙකු හමුවි ඇති බවත් මින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා අද(17) පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය සදහන් කර තිබේ.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පළාත් පාලන ආයතන නියෝජිත හමුවකදි වෛද්‍ය සෝමතිලක මහතා මේ බව පවසා ඇතැයි වැඩිදුරටත් එහි සදහන්ය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා මෙසේද පවසා ඇත.

“ඩෙංගු රෝගයෙන් මිය ගිය දෙදෙනා තලාව ප්‍රදේශයේ පදිංචි කරැවන් දෙදෙනෙක්.මින් එක් අයෙක් 16 හැවිරිදි පාසල් සිසුවෙක්.අනෙක් පුද්ගලයා 39 හැවිරිදි පොලිස් නිලධාරියෙක්.
ජනවාරියේ සිට මේ දක්වා ඩෙංගු රෝගින් 263 දෙනෙකු හමුවි තිබෙනවා.ඩෙංගු රෝගය ව්‍යාප්ත වුනේ අනුරාධපුර නගර සභා බල ප්‍රදේශයෙන්.

අනුරාධපුර නව නගරය,බැංකු පෙදෙසින් ඩෙංගු කීටයන් බහුලව පැතිර තිබෙනවා.ඒ වාගේම දිවයිනේ ඩෙංගු රෝගින් බහුලව ඉන්න ස්ථනය ලෙසට අනුරාධපුර නගර සභා බල ප්‍රදේශය දසවන ස්ථානය ලබා තිබෙනවා.

කොරෝනා රෝගය නිසා ඇදිරි නීතිය පැනවිමේ හේතුවෙන් අනුරාධපුර නව නගරයේ ආපන ශාලා වසා දමන අවස්ථාවේදි ඒවා තුල ජල බදුන් පුරවා කඩ වසා දැමිම නිසා ඩෙංගු කීටයන් බහුලව පැතිර යාම මිට තවත් එක් හේතුවක් වුනා.
අනුරාධපුර නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන් ගෙන් ඩෙංගු මර්දනය සදහා කිසිදු සහයෝගයක් ලැබෙන්නේ නැහැ.නගරයේ තිබෙන ආපන ශාලා සහ වෙළද ස්ථාන පරික්ෂා කරන අවස්ථාවේදි ඔවුන් ඊට බාධා කරනවා.මේ සම්බන්ධයෙන් නගරාධිපතිවරයා දැණුම් දි තිබෙනවා. ඉදිරි වැසි සමයත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය ඉහල යාමේ අවදානමක් තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රීක්කය තුළ කොවිඩ්-19 වසංගතය පාලනය කර ඇති බවත් දැනට සිටින සියළු ආසාධිතයින් සහ ඔවුනගේ පවුල් වල අය නීරෝධායනය කර තිබෙනවා”
මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කය මුහුණ දි ඇති තත්වය රටේම පොදු තත්වයක් ලෙසින් දැවැන්ත අර්බුදයක්ව හෙට දිනයේ මතුවිමට නියමිතය.
විශේෂයෙන්ම මිගමුව පසුගිය කාලය තුල මුහුණ දුන් භායනක තත්වය හමුවේ ඉදිරියද අනතුරුදායක විය හැක්කේ කුණු කසල නිසි ලෙසින් කළමණාකරණය දැනටමත් අර්බුදයක් ලෙස මතුවිය හැකිව ඇත්තේ මිගමුව මහනගර සභාව දැවැන්ත මුල්‍ය අර්බුදයකට මුහුුණ දි සිටිමත් නිසාය.
එවන් යථාර්ථයක් තුල මිගමුව තුල ඩෙංගු හිස ඔසවන්නේ නම් එය සැබැවින්ම වසංගත තත්වයක් කරා ගමන් කරනු ඇත.