ඩෙංගු රෝගීන්ට හෝමියෝපති වෛද්‍ය සායනයක්

0
104

s6 s3 s1ඩෙංගු රෝගය වැළැක්වීම සදහා නොමිලේ හෝමියෝපති වෛද්‍ය සායනයක් පෙරියමුල්ලේ දී පැවැත්විය. මෙම වෛද්‍ය සායනය පැවැත් වූයේ රජයේ හෝමියෝපති රෝහලේ කුරුණෑගල වෛද්‍ය ශාකාව සහ මීගමුව අහමදියා මුස්ලිම් ජමා සංවිධානය විසිනි.

මෙම සායනය සදහා සහභාගි වූ එම්එ.ෆ්. ෆයාස් අහමද් සහ ආර්.ඒ. ඔසාමා අහමද් යන වෛද්‍යවරුන් විසින් ඩෙංගු රෝගයෙන් පීඩාවට පත් වූ රෝගීන්ට ඛෙහෙත් සහ හෝමියෝපති එන්නත් ලබා දෙන ලදී. වෛද්‍ය සායනය සදහා ජනතාව රැසක් සහභාගි වූහ.

ගත වූ සිව් මසක් තුළ මීගමුවේ පොදු ප්‍රදේශ වලින් ඩෙංගු රෝගීන් 536 දෙනෙකු සොයා ගෙන ඇතග මෙම රෝගීන් මේ වන විට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මොවුන්ගෙන් තිදෙනෙකු මිය ගොස් ඇත.

ඩෙංගු රෝගයෙන් වැළකී සිටීම සදහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි සිටි පොදු ජනතාව නොමිලේ ලබා දෙන හෝමියෝපති එන්නත් ලබා ගන්නා ආකාරය සහ වෛද්‍ය සායනය සදහා පැමිණි සිටි එක් ජන කොටසක් පහත ඡායාරූප මගින් දැක ගත හැකි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here