Citizen Page ඩෙංගු වලට අත වනන කටුනායක කාණූවක් By fgamage - 2013 October 21 0 443 FacebookWhatsApp මේ දිස්වන්නේ කටුනායක නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ගය දෙපස ඇති කාණුවකි. කටුනායක – මීගමුව දෙසට ඇති මාර්ගයේ පිහිටා ඇති මෙම කාණුව දිගටම අපද්‍රව්‍ය වලින් පිරී ගොසිනි. ඒ අසලම පිහිටා ඇති ජල කරාමයක් ද වේ. ඒ නිසාම මෙම කාණුව තවත් අපවිත්‍ර වී ඇත්තේ නගර මධ්‍යයේ ඇති බැවිනි. එම කාණුවේ කොන්ක්‍රීට් කැට ද පිළිවෙලක් නැතව කැඩී ගොස් ඇති අතර කාණුව තුළ කුණු, ප්ලාස්ටික් බෝතල් පිරී ඇත. කෙසේ හෝ අධිවේගී මාර්ගයට කිලෝමීටර් 2කක් තරම නුදුරින පිහිටා ඇති මෙම කාණූව දෙස බලන විට ලංකාවේ දියුණුව යනු කෙබදු මැජික් එකක් දැයි කල්පනා කරනු වටී. මෙම කාණූව සීදුව නගර සභාවට අයත් වන අතර වගකිව යුත්තෝ මෙය නුදුටුවා ද ? ඡායා – ඩිලාන් දමිත -කටුනායක