ඩෙංගු වසංගතයෙන් මිනිස් ජිවිත බේරාගත නොහැකිවු කටානේ පොහොට්ටු දේශපාලනය ?

0
32

dengu 1damayanthi missඅප දැනටමත් වාරථා කර ඇති පරිදි කටාන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ඩෙංගු වසංගත තත්වය කරා පිමි පණිමින් ගොසින්ය.
දින 10 ක් ඇතුලත ජිවිත 2 ක් මේ වසංගත තත්වය බිළිවිය.
ඒ එකම ගමකදිය.
තත්වය මේ තරම් බරපතල වුවද කටාන දේශපාලන නායකත්වය මේ තත්වය වහා මැදිහත්ව පාලනය කිරිම සදහා පෙරමුණ ගත් බවක් පෙනෙන්නට තිබුනේ නැත.
විශේෂයෙන්ම දැනටම ප්‍රාදේශිය සභාවේ බලය හිමි පොහොට්ටු පාලනය සිය ආසාර්ථභාවය දැනටමත් ඔප්පු කර පෙන්වා හමාරය.
පවතින මේ අර්බුදකාරි තත්වය හමුවේ වහාමැදිහත්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් නිර්මාණය කරගනිමින් මේ වසංගත තත්වය පාලනය කිරිමට පියවර ගතයුතුව තිබේ.
එහෙත් එවැන්නක් පෙනෙන්නට නැත.
කටාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයද මේ අර්බුදය ජයගැනිමට විධිමත් වැඩපිළිවෙලක් තුලින් නිරන්තර මැදිහත්විමක් සිදුකරන්නේද යන්න තවමත් ගැටළුසහගතය.
ජනයා බදුගෙවන්නේ සිය පාලන ප්‍රදේශය පිරිසිදුව තබාගන්නටය. එහි වගකිම සතුව ඇත්තේ ඒ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය වෙතය.
මේ අර්ථයෙන් ගත්කළ කටානේ පොහොට්ටු පාලනය අද මිනිස් ජිවිත බිල්ලට දෙමින් සිය අසාර්ථකභාවය පෙන්වා තිබේ.
එයට කිසිසේත්ම සාමාව ලැබිය හැකි වරදක් නොවන බවද මෙහිලා අවධාරණය කරනු කැමැත්තෙමු.