ඩෙංගු වාට්ටුවල අවිවේකි කාර්ය මණ්ඩලයට සංග්‍රහයක් !

0
48
dav

dav

කෑමක් කන්නවත් ඉස්පාසුවක් නැති ඩෙංගු වාට්ටුවල වෛද්‍යවරුන්,හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයට හැකි අයුරින් සංග්‍රහ කරන්නට මීගමුවේ ආහාර ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් ගණනාවක්ම දැනටමත් ඉදිරිපත්ව සිටි.
ඒ මිපුර වෙබ් අඩවිය විසින් ඔවුන් වෙතින් කරන්නට යෙදුන ඉල්ලිමක් මුල්කොට ගෙනය.
මීගමුව රෝහල ඩෙංගු රෝගින් පිරුණු වාට්ටු 3 ක් 75 කට ආසන්න සමස්ථ කාර්ය මණ්ඩලයට කුසගිනි නිවාගන්නටත් ඉඩක් ගන්නට බැරි තරමට ලෙඩුන්ය.
නිදසුනක් ලෙස වාට්ටු අංක 04 අද දිනයේ රෝගින් ගණන 246 කි.එහි ඇදන් ඇත්තේ 61 කි. මුළු වාට්ටුව පුරාම බිම රෝගින්ය.
ඒ  සැම ගැන ඉතා විමසිල්ලෙන් ප්‍රතිකාර කිරිම් සිදුකළ යුතුව තිබේ.
මේ සියල්ල තුල මේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සිය කැම වේල නිසිකලට ගැනිමට තරම් වත් ඉස්පාසුවක් නැත.
මේ ගැන අප කළ ඉල්ලිමට දැනටමත් යහපත් ප්‍රතිචාර ගණනවක් ලැබි තිබේ.
මෙහි පළමු පියවර ලෙස sasha ආයතනය විසින් කාර්ය මණ්ඩල සමාජික සාමාජිකාවන් 75 දෙනෙකු සදහා සංග්‍රයක් සුදානම් කර තිබුණි.කැන්ටිම ගොස් කෙටි ආහාර වේලක් සමගින් තේ එකක් බොන්නට ඉඩක් නැති පසුබිමක මේ කෙටි ආහාර  සංග්‍රය අතිශය වැදගත්ය.
මේ අතර ග්‍රැන්ඩ් ආයතනය ,රන්කා ආයතනයද මේ සතියේ ඉදිරි දිනවලදි මේ කටයුත්තට දායක වෙන්නට කැමැත්ත පළ කර තිබේ.
මිපුර අපේ ඉල්ලිමට යහපත් ප්‍රතිචාර දැක්වු sasha ඇතුළු සැමට තතු ! මේ කටයුත්තට එක්වන ලෙස අප නගරයේ අන් අයටද ඇරයුම් කර සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here