ඩෙංගු සදහා වන රසායනාගාර පරීක්ෂණ වලට රජයෙන් පාලන මිලක්.

0
157

මේ දිනවල දිවයින පුරා ඩෙංගු වසංගතයක් ලෙසින් පැතිර යන බව කාටත් නොරහසකි. ඒ අතරින් විශේෂයෙන් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්ගේ වඩාත් වේගයෙන් මේ රෝගය පැතිරයන ස්වභාවයක් දක්නට ඇත.

මේ සියළු සිදුවීම් හේතුකොටගනිමින් මේ වසංගතතත්වය පාලනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය මේ වන විට පියවර රාශියක් ගෙන ඇති අතර ඉන් නවතම පියවර වශයෙන් උණ රෝගී තත්වයන්ගෙන් පීඩා විදින රෝගීන්ට වැලදී අැත්තේ ඩෙංගු රෝගයදැයි සැකහැර දැනගැනීම සදහා වන රුධිර පරීක්ෂණයට හා සම්පූර්ණ රුධිර වාර්ථාව සදහා පාලන මිලක් යෙදීමට තීරණය කර ඇත.

dengue-test2

විවිධ පෞද්ගලික රසායනාගාරවල මේ පරීක්ෂණයන් විවිධ මිල ගණන් යටතේ සිදුවන නිසා මෙසේ පාලන මිලක් නිකුත් කිරීම සැබැවින්ම රෝගීන්ට සහනයක් වනු ඇති. එහිදී ඩෙංගු ප්‍රතිදේහජනකය ඇත්දැයි සෙවීමට වන රුධිර පරීක්ෂණය සදහා පාලන මිල රු.1000ක් වන අතර සම්පූර්ණ රුධිර වාර්ථාවක් සදහා පාලන මිල රු.250ක් ලෙස දැක්වේ.