ඩෙංගු හිස ඔසවන ලකුණු ? සල්ලි නැති නගර සභාව නිසා මිගමුව අනතුරේ ?

0
60
dengu pic 1වසරේ ඩෙංගු රෝගීන් වැඩිපුරම වාර්තාවන කාලසීමාව ජූලි සහ අගෝස්තු මාස බවද ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ මෝසම් වර්ෂාව හේතුවෙන් රට තුළ ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා දැනටමත් අනතුරු අගවා තිබේ.

පසුගිය මාස පහ තුළ ඩෙංගු රෝගීන් 21,000 කට වැඩි පිරිසක් වාර්තාවී ඇති අතර ඉන් 11,000 ක් වාර්තාවූයේ පසුගිය ජනවාරි මාසයේදීය.
වැඩිම ඩෙංගු රෝගීන් කොළඹ, ගාල්ල, රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්කවලින් වාර්තා වන බව සදහන් කර තිබේ.
මේ අතර 2017 වසරේදි මෙන්ම දරුණු ඩෙංගු තත්වයකට මිගමුවට මුහුණ දිමට සිදුවුහහොත් එය වඩාත් භායනක වන්නේ දැනටමත් මීගමුව මහනගර සභාව දරුණු මුල්‍ය අර්බුදයකටද මුහුණ දි ඇති බැවිනි.
පසුගිය වසර තුලදි මාස 5 ක් ඇතුලත් ඩෙංගු රෝගින් 14 දෙනෙකු මිගමුව රෝහලේදි මිය ගොස් තිබුණි.එවන් තත්වයකට මුහුණ දිමට මිගමුවට යළි සිදුවන්නේ නම් එය සැබැවින්ම දරුණු අර්බුදයක් නිර්මාණය කරනු නියතය.
මේ දිනවල මිගමුව නගරාධිපතිවරයාගේ ප්‍රධාන අරමුණ වි ඇත්තේ සිය සහෝදරයාගේ මැතිවරණය මිස ඩෙංගු පාලනය ගැන නම් නොවේ . ඒ නිසාම මේ දිනවල ව්‍යාපෘති කම්කරුවන් ඇතුළුව සියළු සම්පත් යෙදෙවන්නේ අයියා දිනවිමට මිස මිගමුවේ බදුගෙවන ජනයා ඩෙංගුවලින් බේරාගැනිම සැලැසුම් කල් ඇතිව සකස් කිරිමට නමි නොවන බව මිගමු වැසියෝ හොදින් තේරුම් ගත යුතුව තිබේ.