තණමල්විල දැරිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ ක්‍රියාකලාපයට විරෝධය පළවේ !

0
71

තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියක සමූහ දූෂණයට ලක් කිරීමේ අමානුෂික සිදුවීම් මාලාව සහ වින්දිතයාගේ මව විසින් චෝදනා කරන පරිදි අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් දැරියට වාචික හා මානසික හිරිහැර කිරීම දැඩි ලෙස හෙළා දකිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නිවේදනයක් නිකුත් කර තිබෙන බව divaina .lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ මෙම දැරියට මුහුණ දීමට සිදු වූ අමානුෂික සිදුවීම් මාලාව තුළින් මීට අදාළ වගකිවයුතු බලධාරීන් තම රාජකාරිය නිසි පරිදි ඉටු කිරීම පැහැර හැර ඇති ආකාරය පෙන්නුම් කරන බවයි. ඒ අනුව මෙවැනි අනීතික සිදුවීම්වලදී හෘද සාක්ෂියට එකඟව වගකීමෙන් හා වගවීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ඇය අවධාරණය කර සිටින බව වැඩිදුරත් එම පුවතේ සදහන්ය