තත්වයෙන් උසස් හොඳම බඩු ,අඩු මිළට ගන්න සියල් සපිරි කොප්-සිටියට එන්න. …

0
247

 

වර්ෂ 1971 ට පෙර සිට ” සමාගම් කඩේ ” ලෙස හැඳින්වු මීගමුව සමුපකාර සමිතිය 1972 වසරේ පොදු සමුපාකාර පනත යටතේ විවිධ සේවා සමුපාකාර සමිතියක් බවට පත්විය. ඒ අනුව සමූපාකාර කඩේ ලෙස හැඳින්වූ මීගමුව විවිධ සේවා සමුපාකාර සමිතිය සතු වූ ප්‍රධානතම අලෙවි මධ්‍යස්ථානය මේ වන විට මීගමු නගරයේ සියල් සපිරි සුපිරි වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. මීට සිව් වසරකට පමණ පෙර නවීකරණය කරන ලද වඩාත් ඉඩ පහසුකම් සහිත ගොඩනැගිල්ලක් ලෙස ස්ථාපිත වූ මීගමු නගරයේ මහා වීදියේ පිහිටි මීගමුව විවිධ සේවා සමුපාකාර සමිතියේ මෙම සුපිරි වෙළඳ මධ්‍යස්ථානය අද වන විට හඳුන්වන්නේ නිගම්බූ, කොප් සිටි ලෙසයි. මෙරට සමුපාකාර සමිතියක් මගින් ආරම්භ කළ ප්‍රථම කොප් සිටි වෙළඳ මධ්‍යස්ථානය මෙය වන අතර මෙය අද වන විට මීගමුව නගරයේ ඇති , 20 කට අධික වෙනත් පෞද්ගලික සුපිරි වෙළඳ සැල් සමග තරගකාරී ලෙස සිය ව්‍යාපාර කටයුතුවල නිරත වෙයි.

මේ අනුව සිය පාරිභෝගිකයන්ට වඩාත් උසස් ආහාර ද්‍රව්‍ය ඇතුළු එදිනෙදා අත්‍යවශ්‍ය සෑම දෙයක්ම මෙම සුපිරි වෙළඳ මධ්‍යස්ථානයෙන් මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට මේ වන විට අවකාශ සලසා දී තිබේ. උසස් තත්ත්වයෙන් සහ උසස් ප්‍රමිතියෙන් යුත් ආහාර ද්‍රව්‍ය ඇතුළු සෑම දෙයක්ම ඉතා අඩු මිලකට පාරිභෝගිකයන් හට සැපයීම කොප් සිටියේ ප්‍රධාන පරමාර්ථය බවට පත්වී තිබේ. ලාභය මතම හඹා නොගොස් සුළු ලාභයක් තබා උසස් තත්වයෙන් යුත් ආහාර ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් නිෂ්පාදන, 36000 ක් පමණ වන සිය සමුපාකාර සමිති සාමාජික පිරිසටත්, මීගමුවේ වෙසෙන ජනතාවටත් එලෙසම මීගමුව නගරයට යනෙන සිය දහස් ගණනක් වන පාරිභෝගි ජනතාවට සුහදශීලී සහ කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණ පෙරදැරිව මීගමුව කොප් සිටි සිය ව්‍යාපාර කටයුතු සිදුකරයි.
සහල් , පොල් , පිටි , සීනි , අල , ළුුනු , පරිප්පු, කරවල, මස් ,මාළු සහ ධාන්‍ය වර්ග ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් රැසක්ම වර්ග ගණනාවක් යටතේ සහ විවිධ මිල ගණන් යටතේ ඔබට රිසිසේ වගකීමක් සහිතව කොප් සිටි වෙතින් මිලදී ගත හැක. එලෙසම මෙරටදී නිෂ්පාදනය කල සහ වෙනත් රටවලින් ආනයනය කර බෙදා හරින ඇසුරුම් කරන ලද සහ ටින් කරන ලද උසස් තත්වයෙන් යුත් පිසු ආහාර වර්ග ගණනාවක්ම වගකීම් සහිතව විවිධ මිල ගණන් යටතේ මෙහි අලෙවි කෙරේ.

එමෙන්ම එකම ස්ථානයකින් සියලු දේ මිලදී ගැනීමට හැකිවන පරිදි මීගමුව කොප් සිටි වෙත පැමිණෙන දහස් සංඛ්‍යාත වූ පාරිභෝගිකයන්ට ඔවුන්ට අවැසි උසස් තත්ත්වයෙන් යුත් එළවළු සහ පළතුරු මිලදී ගැනීම සඳහා වෙනමම ස්ථානයක් කොප් සිටි පරිශ්‍රය තුළ මේ වන විට විවෘතව ඇත දෛනික අලෙවි කටයුතුවලට පමණක් අවශ්‍ය වන එළවළු පලතුරු තොග පමණක් මෙහි දිනපතා අලෙවි කරන බැවින් , මෙහි ඇති එළවළු සහ පලතුරු වෙනත් සුපිරි වෙළඳ සැල්වල අලෙවියට තබා ඇති එළවළු පලතුරු වලට වඩා නැවුම් බවින් යුතු වේ.

මීගමුව, කොප් සිටි මීගමුවේ පමණක් නොව, මීගමුවට තදාසන්නව වෙසෙන දහස් සංඛ්‍යාත පාරිභෝගික ජනතාවගේ ද ආකර්ෂණයට ලක්ව ඇති සුපිරි වෙළඳ සැලකී. විශේෂයෙන්ම කොප් සිටි වෙත පැමිණෙන බොහෝ අය මිලදී ගැනීමට යොමුවෙන අත්‍යවශ්‍යම දෙයක් වන්නේ මෙහි අලෙවි කරන කුළුබඩු වර්ගය. වියළි මිරිස්, ගම්මිරිස්, ඇතුළු එදිනෙදා ආහාර පිසීමේදී භාවිතා කරන උසස් තත්ත්වයෙන් යුත් කුළු බඩු වර්ග තොග වශයෙන් ගෙනමිත් කොප් සිටි ඇසුරුම් අංශයේදී විවිධ ප්‍රමාණයන්ගෙන් පිරිසිදුව හා සෞඛ්‍යාරක්ෂිතව ඇසුරුම් කර වඩාත් විශ්වාසයෙන් යුතුව අඩු මිල ගනන් යටතේ මෙහිදී අලෙවි කෙරේ. මේ අනුව බොහෝ දෙනෙකු මීගමුව කොප් සිටි වෙතින්ම කුළුබඩු වර්ග මිලදී ගැනීමට පෙළඹෙන්නේ මේ කුළුබඩුවල ඇති නැවුම් බව , අඩු මිල සහ උසස් තත්වය යන හේතු නිසාය..

එමෙන්ම විවිධ වර්ගයන් යුත් මෙරට නිෂ්පාදනය වන සහ වෙනත් රටවලින් ආනයනය කරන ප්‍රසිද්ධ නාමයන් යටතේ අලෙවිවන කිරිපිටි වර්ග, තවත් ආහාර පාන වර්ග,, එලෙසම සබන් ෂැම්පු සුවඳ විලවුන් ඇතුළු රූපලාවන්‍ය ආලේපන වර්ග, සේදුම් කාර්යයන් සඳහා යොදා ගැනෙන, දියරමය නිෂ්පාදනද , නිවෙස්, කාර්යාල සහ වෙනත් ස්ථාන පිරිසිදු කිරීමට යොදා ගන්නා සේදුම් ද්‍රව්‍යයන් සහ ඒ සඳහා භාවිතා වන උපකරණද, ඇතුළු දෛනික ජීවිතයේදී අවශ්‍ය කරන සෑම සියලු දෙයක්ම කොප් සිටි වෙතින් දැන් ඔබට කැමති පරිදි විවිධ ප්‍රමාණයන්ගෙන් සහ විවිධ මිල ගණන් යටතේ වගකීමක්ද සහිතව මිලදී ගත හැක.

එමෙන්ම කොප් සිටි වෙළඳ මධ්‍යස්ථානය තුළ විවෘත කර ඇති රාජ්‍ය ඔසුසල් ශාඛාවෙන් ඔබට අවශ්‍ය මෙරට නිෂ්පාදිත හා අනයනික බෙහෙත් ද්‍රව්‍ය මිලදී ගැනීමට ද පහසුකම් සලසා ඇත. එලෙස කොප් සිටි ඔසුසලින් බෙහෙත් ද්‍රව්‍ය මිලදී ගැනීමේදී , රු.1000/= ට වැඩි සෑම බිල්පතකටම 03% විශේෂ වට්ටමක් පිරිනැමීමටද මේ වනවිට කටයුතු යොදා ඇත.

එලෙසම වෙනත් වෙළඳසැල් සහ සුපිරි වෙළඳ සල් වල ක්‍රියාත්මක වන වෙළඳ වට්ටම්, බෝනස් සහ වෙනත් වෙළඳ දීමනා ඇතුළු බොහෝ දේ වෙනත් තැන් වලටත් වඩා වැඩියෙන් මීගමුව කොප් සිටි තුළ ක්‍රියාත්මක වේ විශේෂයෙන්ම කාලයෙන් කාලයට ආහාර නිෂ්පාදන සමාගම් සහ ආනයනික භාණ්ඩ බෙදා හරින සමාගම් මගින් සිය පාරිභෝගිකයන් වෙත ලබා දෙන බෝනස්, වෙළඳ වට්ටම් සහ වෙනත් තරඟකාරී අංගයන් විවිධ කාල සීමාවන් තුළ කොප් සිටිය තුළදී ද ක්‍රියාත්මක වෙයි.

මේ වන විට මීගමුව කොප් සිටියෙන් ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ කීපයකට ලබාදෙන වෙළඳ වට්ටම් කිහිපයක් පහත පළ වේ ( මෙම වෙළඳ වට්ටම් ක්‍රියාත්මක වන්නේ තොග අවසන් වනතුරු පමණයි )

* කොත්මලේ ෆුල් ක්‍රීම් ප්‍රෙෂ් මිලක් ලීටර් 01
ඇසුරුම-:
වෙළඳපොළ මිල-550/=
කොප් සිටි මිල – 490/= (ලාභය-60/=)
* කොත්මලේ සෙට් / ජෙලි යෝගට් 01-:
වෙළඳපොළ මිල- 80/=
කොප් සිටි මිල-70/=, (ලාභය-10/=)
* සැම්ස් ප්‍රෙන්ච් ප්‍රයීස් කිලෝ 01 ඇසුරුම-:
වෙළඳපොළ මිල- 1970/=
කොප් සිටි මිල-1820/=, (ලාභය- 150/=)
* ගෝලඩි සොසේජස් ග්‍රෑම් 380 ඇසුරුම-:
වෙළඳපොළ මිල- 499/=,
කොප් සිටි මිල- 449/= (ලාභය-50/=)
* ගෝලඩි සොසේජස් ග්‍රෑම් 900 ඇසුරුම-:
වෙළඳපොළ මිල- 1310/=.
කොප් සිටි මිල – 1200/= (ලාභය-110/=)
* මැලිබන් විටාජෙන් ග්‍රෑම් 400 ටින් එක-:
වෙළෙඳපොළ මිල- 3000/=
කොප් සිටි මිල- 2950/= (ලාභය-50/=)
* සස්ටජන් ග්‍රෑම් 400 ටින් එක-:
වෙළඳපොළ මිල- 3900/=
කොප් සිටි මිල- 3700/= (ලාභය-200/=)
* කොකාකෝලා ලීටර් 1.5 බෝතලය:-
වෙළඳපොළ මිල- 400/=
කොප් සිටි මිල- 360/= ( ලාභය-40/=)
* ක්‍රවුන් මැකරල් ටින් මාළු ග්‍රෑම් 425:-
වෙළඳපොළ මිල- 510/=
කොපි සිටි මිල – 480/= ( ලාභය-30/=)
* ප්ලෝරා ලව්ලි පේපර් සර්වියට්100 පැ.01
වෙළඳපොළ මිල- 295/=
කොප් සිටි මිල – 240/= ( ලාභය- 55/=)

එලෙසම මාසකට රු.7000/= කට වැඩි මුදලකට කොප් සිටියෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු බඩු භාන්ඩ මිලදී ගැනීමේදී විශේෂිත ⁣” ලෝයල්ටි ” කාඩ් පතක් හිමි වේ. එම කාඩ් පත සඳහාද කොප් සිටියෙන් භාණ්ඩ මිලදී ගැනීමේ දී විශේෂ වෙළඳ වට්ටම් හිමි වේ. මේ ආකාරයෙන් අඛණ්ඩව මාස තුනකට වැඩි කාලයක් රු. 7000 /= කට වැඩි බඩු භාණ්ඩ මිලදී ගැනීමේදී මාස තුනක් ඉක්මගිය පසු , මීගමුව කොප් සිටි වෙතින් සමූපාකාර රක්ෂණ සමාගමේ ජීවිත රක්ෂණාවරණයක් නොමිලේම හිමි වේ
. හදිසි මරණයකදී රක්ෂණ වන්දියක් සහ හදිසි රෝහල් ගතවීමකදී දෛනික රෝහල් දීමනාවක්ද ඇතුළු සාමාන්‍ය ජීවිත රක්ෂනාවරණයකට හිමි ප්‍රතිලාභ මෙම රක්ෂණ ආවරණය තුළින් ඔබට නොමිලේම පිරිනැමේ. ( මේ පිළිබඳව වැඩි විස්තර මීගමුව කොප් සිටියෙන් විමසන්න.

සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා
සමාන්‍යාධිතාරි මංජුල ප්‍රදිප් මහතා
කළමණාකාරු ටිරෝන් සුරංජන් මහතා

රජයේ නිවාඩු දින ඇතුළු සතියේ සෑම දිනකම, උදෑසන 9.00 සිට රාත්‍රී 10.00 වන තෙක් මීගමුව කොප් සිටි විවෘතව ඇත.

ඒ අනුව දශක 05 ක ටත් වඩා වැඩි ඉතිහාසයක් ඇති මීගමුව විවිධ සේවා සමුපාකාර සමිතියේ ප්‍රධානතම සුපිරි වෙළඳසැල මීගමුව කොප් සිටි , නගරයේ ඇති වෙනත් වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් සමග සංසන්දනය කිරීමේදී එහි මිල ගණන් ඉතා අඩුය. එමෙන්ම එහි අලෙවි වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලු බඩු භාණ්ඩවල තත්ත්වයද උසස්ය. සුළු ලාභයක් තබා උසස් තත්ත්වයෙන් යුත් ආහාර ද්‍රව්‍ය ඇතුළු බඩු භාණ්ඩ අඩු මිලකට සිය පාරිභෝගිකයන්ට අලෙවි කිරීමේ අරමුණ පෙරදැරිව සිය ව්‍යාපාර කටයුතු සිදුකරන කොප් සිටි පාරිභෝගික ජනතාවට සුවිසල් මෙහෙවරක් සිදු කරන සුවිශේෂී ආයතනයක් ලෙස ද හඳුන්වා දිය හැක.

මෙම ලිපිය සැකසීමේදී තොරතුරු සැපයූ සහ අදහස් පලකලමීගමුව විවිධ සේවා සමුපාකාර සමිතියේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතාට සහ එහි සාමාන්‍යාධිකාරී මංජුල ප්‍රදීප් මහතාටත් එලෙසම මීගමුව කොප් සිටි කළමනාකරු ටිරෝන් සුරංජන් මහතාටත් ස්තුතියි පළ කරමු.