තනපටේ සැඟවුන රන්කහවණු ගුවන්තොටේදි බිමට

0
332

රුපියල් අසූ තුන් ලක්ෂයක් වටිනා රට සල්ලි තොගයක් තම යට ඇඳුම් තුළ  සහ අත් බෑගයේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මවක(57) සහ ඇගේ දියණියද(39),  අසල්වැසි කාන්තාවක්ද(64) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදි අත් අඩංගුවට ගෙන ඇත.
වාර්ථා වන පරිදි මෙම කාන්තාවන් ඇද සිටි තණපට විශේෂ කුහර සහිතව සකසා තිබුනේ මේ විදේශිය මුදල් බහාලිම සදහාය.සැකකාරියෝ කොළඹ ග්‍රෑන්ඩ්පාස්   ප්‍රදේශයේ පදිංචි නිතර නිතර ඉන්දියාවට යන එන අයවලුන් බව රේගුව කියයි.අත් අඩංගුවට ගත් විදේශීය මුදල් අතර ඇමරිකානු ඩොලර් පනස් නව දහස් පන්සීයක්, සෞදි රියාල් එක්දහස් හාරසිය පහක් සහ යුරෝ එක්දාස් දෙසීයක්,  ස්ටාර්ලින් පවුම් තුන්සිය හතලිස් පහක්  තිබු බව රේගුව කියයි.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොල රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත රේගු අධිකාරී එස්. ඥානානන්ද, නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ සහ සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, හසන්ත ගුරුගේ, බුද්ධිද සිල්වා සහ සේනානි පෙරේරා යන නිලධාරීහු සිදු කරති.
money 1