තමන්ගේ ආරාධනයෙන් පැමිණි මාධ්‍යවේදියෙකුට නගර සභාවේදි පහරදිම ගැන නගරාධිපති නිහඩ ඇයි ?

0
67

jayaweera 1මීගමුව මහනගර සභාවේ මහසභා රැස්විම අවාරණය කිරිමට පැමිණ සිටි මාධ්‍යවේදියෙකුට නගර සභා පරිශ්‍රයේදි නගර සභා සේවකයෙකු විසින්ම පහරදිම සමබන්ධයෙන් නගරධිපතිවරයා කියා සිටින්නේ කුමක්ද ?
වාර්ථා වන අන්දමට මේ පහරදි සිදුකර ඇති කුෂාන් නැමැත්තා 6-2 සිය සේවා මුරය සදහා සිය පැමිණිමේ කාඩ් පතද අත්සන් කොට සේවයේ යෙදෙමින් සිටින අතර තුරදි මෙම ප්‍රහාරයට එක්ව තිබේ.
එමෙන්ම පොලිසිය විසින් මේ වන විට රැස්කරගෙන ඇති  දුරකථන අංක  දත්ත විස්තර වලට අනුව මේ ප්‍රහාරය සැලසුම් කිරිම සහ මෙම කොන්ත්‍රාත්තුව භාරදිම සම්බන්ධයෙන් දැනට චෝදනා ලැබ සිටින මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා ගැන නගරාධිපතිවරයා තවමත් නිහඩය.
මේ මරාන්තික සිදුවිම මහදවාලේ සිදුව ඇත්තේ නගර සභා ආරක්ෂක සේවයද වඩාත් සක්‍රිය සිටිය යුතු මහසභා රැස්විම පැවතෙමින් තිබියදිමය.
මහජන බදුමුදලින් නඩත්තු කරනු ලබන මෙවන් ආරක්ෂක සේවයක් ගැන නගරධිපතිවරයා කියා සිටින්නේ කුමක්ද ?